පාසල් පද්ධතිය තුළ ඉගෙනුම්-ඉගැන්වීම් කාර්යයේ නිරත ව සිටින ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව...
පාසල් පද්ධතිය තුළ ඉගෙනුම්-ඉගැන්වීම් කාර්යයේ නිරත ව සිටින ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පියවර ගෙන ඇත.
එහි සමාරම්භක ජාතික වැඩසටහන අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ තනි මතයට අනුව නොවන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා ඇඳුම් නිර්මාණය කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියන් දෙදෙනෙකු බව පෙන්වා දුන්හ.
සමාරම්භක වැඩසටහන අමතමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වනවිට සිදුවන සුවිශේෂී වෙනස් කම් ඉතිහාසය තුළ කිසි දිනෙක සිදු නොවූ බවයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ මානව සම්පත සම්බන්ධයෙන් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දක්වන කැපවීම එහිදී සුනිල් හෙට්ටිආරච්චි මහතා පැසසුමට ලක් කළේය.
ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබූ අතර ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුවයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවේය.
පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළි වේ.
ඒ අනුව අද සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා තිබේ.
COMMENTS