භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුව...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා අද(10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාග කෙරුණා.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගය පැවැත්වුණා.
මෙහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදු කර තිබේ.
විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෙළඹවීම මත ඇතැම් සාක්ෂිකරුවන් විත්තිකාර දුමින්ද සිල්වා මහතා මෙම අපරාධයට සම්බන්ධ බවට සාක්ෂි ලබාදී ඇති බවයි.
මෙම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් මේ බව අනාවරණය වන බව ද විත්තියේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
අනතුරුව වැඩිදුර විභාගය මේ මස 14 වනදාට කල් තැබුවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතරයක් විනිසුරුවරු විසින් එම චෝදනාවලට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය පනවනු ලැබීය.
තමන්ට දඬුවම් පනවා ඇති ආකාරය නීති විරෝධී යයි පෙන්වා දෙන විත්තිකරුවන් එම චෝදනාවලින් තමන්ව නිදොස්කට නිදහස් කරන මෙන් ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS