පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අරමුදලේ මුදල්වලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් මුදලක් වැය කරමින් හිටපු ජනාධ...
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අරමුදලේ මුදල්වලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් මුදලක් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (04) නියෝග කළේය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති නියෝගය ලබන 10 වැනිදා දක්වා වලංගු වන බව පවසමින් මෙම නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS