පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි ...
පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා නියම කළේය.
හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින බැවින් මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා ඉදිරියේ නඩුව කැඳවිණි.
2008 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කරන ලදැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් පෙනී සිටියේය.
COMMENTS