ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වෙන එම්.ඒ.කේ. පටාඋඩි වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන එම්.ඒ.කේ. පටාඋඩි දේශනයට තමන්ට මෙවර එක...
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වෙන එම්.ඒ.කේ. පටාඋඩි වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන එම්.ඒ.කේ. පටාඋඩි දේශනයට තමන්ට මෙවර එක් විය නොහැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙම දේශනය ලබන මස දෙවැනි සතියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් තමන් විසින් පෙරදී එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ විස්තර විචාරකයෙකු වශයෙන් එක්වීමට ගිවිසුම් ගතවීම මෙවර ඒ සඳහා එක් විය නොහැකි බවට සංගක්කාර පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සංගක්කාර විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ඒ පිළිබඳව දැඩි ගැටලුවක් නිර්මාණය වී තිබේ.
සංගාට අමතරව නසාර් හුසේන්, කෙවින් පීටර්සන් හා සව්රව් ගංගුගේ නම් ද මේ සඳහා යෝජනා වී තිබුණද නසාර් හුසේන්ගේ සහභාගීත්වයද අවිනිශ්චිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS