දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා රජය ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දකුණේ වෛ...
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා රජය ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන්ට ලබා දීමට යෝජනා කර ඇති ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (31) පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන් සදහා යෝජනා කර ඇති එන්නත මාධ්‍ය කියන විදිහට ලබා දෙන්න බැහැ. එන්නත් ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. දේශපාලනඥයින් විදිහට ඇතැම් අය ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා. නමුත් මම ජනප්‍රිය තීන්දු තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට පිලිපීනයේ ජනාධිපතිවරයා එරට ඩෙංගු රෝගයට ගොදුරුවූවන් සදහා ඖෂධයක් ගෙන්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබදව ජනාධිපතිවරයාට දුෂණ චෝදනා එල්ල වෙලා. ඒ ජනප්‍රිය තීන්දු තීරණ ගත්ත නිසයි. මම මෙම එන්නත පිළිබද සොයාබැලීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවකට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරනවා. එහි අනුමැතිය ලැබුනොත් පමණක් රෝහල් වලට ලබා දෙනවා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වුවත් ගන්නා තීන්දු තීරණ හරිම ප්‍රබලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය පිළීගෙන තිබෙනවා. අපි විද්‍යානුකූල සහ නිවැරදි තීන්දු ගත යුතුයි.”
දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.
“සෞඛ්‍ය අමාත්‍යවරයා ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටියත් උණ රෝගය පිළිබදව දෛනිකව තොරතුරු සොයා බැලුවා. අවශ්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ උපකරණ දකුණු පළාතේ රෝහල්වලට ලබා දුන්නා. නමුත් ඇතැම් මාධ්‍ය වැරදි කරුණු වාර්තා කළා. මම මේ පිළිබදව කණගාටුවට පත් වෙනවා. වෛරස් උණ රෝගය පැතිරයාමත් සමග සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අවශ්‍ය සියලුම පහසුකම් අපට ලබාදුන්නා. නමුත් මාධ්‍ය පෙන්වන්නේ මොනාවත් ලැබුනේ නැහැ කියලා. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට ලබාදෙන එන්නත නැති වුනොත් දරුවෝ මැරෙනවා කියලා තමයි මාධ්‍ය පෙන්වා දුන්නේ. නමුත් එවැනි තත්ත්වයක් නැති බව වෛද්‍ය මතයයි. දකුණු පළාතේ කිසිම පළාත් රෝහලක වෛරස් උණ රෝගයෙන් කිසිම රෝගියෙකු මැරුණේ අසාධ්‍ය රෝගීන් සහ වෙනත් සංකූලතා වලට ගොදුරු වූ රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ පසු මිය ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලපු හැම දෙයක්ම ලබාදුන්නා. මාධ්‍ය මගින් කියන තරම් ප්‍රශ්නයක් නැහැ. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.”
මෙහිදී දකුණු පළාතේ රෝහල්වලට අවම වශයෙන් වෛද්‍යවරුන් 120ක් වත් තවත් අවශ්‍ය බව ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රමුඛතාවය අනුව වෛද්‍යවරුන් ලබාදෙන ලෙසත්, අවම වශයෙන් මුලිකව වෛද්‍යවරුන් 50 ක් වත් දකුණු පළාතේ රෝහල්වලට යොමු කරන ලෙසයි.
වෛරස් උණ රෝග භීතිය මැද රුපියල් 5,300ට ඉන්ෆ්ලුවන්සා හා නිව්මෝනියා එන්නත් ලබා ගැනීම සඳහා දරුවන් සමඟ මවුවරුන් පෞද්ගලික රෝහල්වල පෝලිම් ගැසීම් තත්ත්වයක් මේ වන විට ගාල්ල නගරයේ පෞද්ගලික රෝහල්වල දකින්න ලැබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසීමේදී එතුමා පැවැසුවේ මෙම වයිරස් රෝගය පිළිබඳ ඇති වී තිබෙන අනියත බිය නිසා පෞද්ගලික රෝහල්වල මෙසේ දරුවන්ට එන්නත් ලබාගැනීමට පෝලිම්වල සිටින බව දැනගන්නට ලැබෙන බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේ ඉන්ෆ්ලුවන්සා එන්නත රුපියල් 1750කටත් නිව්මෝනියා එන්නත සමඟ එන්නත් දෙකම එකවිට රුපියල් 5,300කට දරුවන්ට ලබාදෙන බවට දැනගත හැකිවූ බවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෝ රජයේ රෝහල්වල එම එන්නත නොමැති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.
වයිරස් උණ රෝගය හේතුවෙන් දින කිහිපයක් වසා තැබුණු දකුණු පළාතේ පාසල් ඊයේ (30) නැවත විවෘත කළ පාසල්වල පැමිණීම 1/3කින් පහළ බැස තිබේ.
මේ තත්ත්වයට මුහුණ දීමට දකුණු පළාතේ සියලු පාසල්වලට වයිරස් උණ රෝග අනියත බිය නැති කිරීමට පත්‍රිකා බෙදාහැරීමට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ මෙහෙයවීම මත දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පියවර ගෙන ඇතැයි ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS