ගාල්ල නගරයට ඇති වු ගංවතුර තත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල අද (13) දහවල්වන විට පවුල් 1509කට අයත් පුද්ගලයින් 60...
ගාල්ල නගරයට ඇති වු ගංවතුර තත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල අද (13) දහවල්වන විට පවුල් 1509කට අයත් පුද්ගලයින් 6061 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල කඩවත් සතර ප්‍ර දේශිය ලේකම් ඩබ්ලිව් කේ සත්‍යානන්ද මහතා පවසයි.
කඩවත් සතර ප්‍ර දේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 20කට මෙකි ගංවතුර තත්වය බලපා ඇති බවද ප්‍ර දේශිය ලේකම්වරයා සදහන් කළේය.
බටගන්විල, ඇත්තිලිගොඩ, ආදි ප්‍රදේශවලින් පස් කණ්ඩි කඩා වැටිම් 10ක් වාර්තා වි ඇති බව පවසන ප්‍රාදේශිය ලේකම්වරයා සුළු වශයෙන් නිවාස 05ක පමණ අලාභහානිවි ඇති බවද සදහන් කළේය.
නිවාස රැසක මුළුතැන්ගෙයි ජලයෙන් යටවිම නිසා විපතට පත්වුවන්ට උයා පිහා ගැනිමට නොහැකි තත්වයක් උදා වි තිබේ. විපතට පත්වුවන් සියලු දේනාටම පිසු අහාර ලබාදිමට ග්‍රාම නිලධාරින් මගින් කටයුතු කරණ බවද ප්‍ර දේහිය ලේකම්වරයා සදහන් කළේය.
පිසු ආහාර නොලැබු අය සිටිනවානම් ඒ බව ග්‍රාමනිලධාරින්ට දැනුම් දෙන ලෙසද ප්‍රාදේශිය ලේකම්වරයා ඉල්ලිමක් කළේය.
(ලලිත් චාමින්ද)
COMMENTS