සර්බියාවේ පැවති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් තිදෙනා ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ...
සර්බියාවේ පැවති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් තිදෙනා ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සවන්දි සේනානායක, කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ සමාෂි විහංගා මුණවීර හා කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න යන සිසු සිසුවියන් තිදෙනා එම තරඟාවලියේදී ජයග්‍රහණය හිමි කරගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
25 වන වරට පැවති මෙවර තරඟාවලිය සඳහා රටවල් 60 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වී ඇති අතර අංශ දෙකක් යටතේ පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසු සිසුවියන් තිදෙනා රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා ශාඛාවේ මැදිහත් වීමෙන් තරඟාවලියට අදාළ කටයුතු සිදු කර ඇති අතර කලාප, පළාත් සහ ජාතික මට්ටමේ තරඟාවලි පවත්වා අදාළ සිසුන් තිදෙනා එම තරඟාවලිය සඳහා යොමු කර තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයා තරඟාවලිය නියෝජනය කළ දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ තරඟවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමත් හිමිව තිබුණි.
COMMENTS