දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අද ජවිපේ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා"- මෛත්‍රී
Homeප්‍රවෘත්ති

"අද ජවිපේ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා"- මෛත්‍රී

PropellerAds

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කරන යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවත් මෙහි ඇත්ත උවමනාව තිබෙන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා...

ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු
"මම ඕනෑම මැතිවරණයකට සුදානම්" - කිරිඇල්ල
ශ‍්‍රී ලංකා පිලේ වීඩියෝව ගැන ඇමති හරින් ප‍්‍රතිචාර දක්වයි (VIDEO)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කරන යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවත් මෙහි ඇත්ත උවමනාව තිබෙන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

රාජගිරියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ප්‍රධාන ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහ බව පැහැදිලියි. රට විකිණීම වගේම රට බෙදා වෙන් කිරීම මහ බැංකු වංචාව වගේ සොරකම් වලටත් විධායක ජනාධිපතිකම බාධාවක්.  ඉතිරි කාලය බාධාවකින් තොරව රටට අහිතකර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නේ 13 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුමට ලක්‌වූ අවස්‌ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ෂර්වානන්ද ප්‍රමුඛ බහුතර විනිසුරුවරුන්ගේ මතය වූයේ රටේ ව්‍යවස්‌ථාවේ 154(4)2 වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුව තම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කරන නිසා 13 න් ශ්‍රී ලංකාවේ ඒකීය බව නොනැසී රැකී තිබෙන බවය. කරුණු එසේ නම් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙද්දීම විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත්, ඉහත තීරණය අනුව රටේ ඒකීයභාවය නැසෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අනාගත පරපුරට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවතින්න ඕනෑ කියන මතයේ තමයි අපි ඉන්නේ. මේ රටට තිබෙන එකම ආරක්ෂාව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය කවුරුහරි කෙනෙක් අහෝසි කරන්නට උත්සහ කරනවානම් එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදිහට පැහැදිළිවම එයට විරෝධය පලකරනවා. කිසිම සාකච්ඡාවකින් තොරව හදිස්සියේම මේ ක්‍රමය අහෝසි කරන්න තීන්දු කරන්න කාටවත් බෑ.”

“මේ පිළිබඳ විද්වත් සංවාදයක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධූරය නිසා මේ රට ආරක්ෂා වූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හදිසියෙන් වගේ මේ පිළිබද තීන්දු තීරණ ගන්න අපි කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ. නීති විශාරදයින් ආචාර්යවරුන් දේශපාලන විද්‍යාඥයින් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව දක්වන කරුණු සැලකිල්ලෙන් අවධානයට යොමු කරන්න කියලා අපි සියළුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. 13 වැනි සංශෝධනය බලපැවැත්වෙනතුරු. රට පෙඩරල් වීම වැළැක්‌වීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි. එසේ නොමැති නම් පළාත් සභා පාලන බලතල හෝ ජනපති සතුව තිබිය යුතුය. කියලයි අපි කියන්නේ මේක වික්‍රමසිංහ මහත්තයගේ තවත් කපටි ගේම් එකක් අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා මේ උගුලට අහුවෙන්න එමා කියලා ඒ වගේම මේ පිළිබද දැඩි අවධානයකින් ඉදල රටට කරන්න යන මේ විනාශය ගැන රට දැනුම්වත් කරන්න අපිත් එක්ක එකතු වන්න කියලා අපි සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ද්‍රෝහි යොජනාවට සහයොගය දෙන හැම කෙනාමටම අයිති ඉතිහාසයේ කුණු බක්කිය කියලා අපි මතක් කරන්න කැමති.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අද ජවිපේ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා"- මෛත්‍රී
"අද ජවිපේ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා"- මෛත්‍රී
http://am.lk/media/k2/items/cache/80850ec49521ae49528f045cdb14d7e9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_901.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_901.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy