දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ තටු කපන්න යයි - යහපාලන තේමා පාඨය වෙනසට.
Homeගොසිප්

ජනපතිගේ තටු කපන්න යයි - යහපාලන තේමා පාඨය වෙනසට.

PropellerAds

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කිරිමට නියමිත 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ලබන 19 වැනි...

එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නව ඇඳුමක්.
නාමල් - රෝහිත ජම්මු කාශ්මීර් රග්බි කණ්ඩායමට දුන් පුහුණුව [Video]

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කිරිමට නියමිත 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ලබන 19 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කරන  බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට එය අහෝසි කිරිමට හෝ සංශෝධනයක් ගෙනඒමට වුවමනාවක් නොමැති නිසා සිය පක්ෂය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව මන්ත්‍රීවරයා පැවසීය.

ආදාළ  20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සැකසීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කර ඇති අතර ඇතුළත් වන කරුණු, කාල රාමුව හා සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේදිනවල අවධානය යොමු කර ඇති බව ඒමහතා පැවසීය.

එහිදී ආණ්ඩුකරවරයාගේ බල තලවල වෙනස් නොවන ආකාරයට ආදාළ කෙටුම්පත සැකසීමේදී සැලකිලිමත් වන බවද පැවසේ.

එක නායකත්වයක් - එක රජයක් - එක වැඩපිළිවෙලක් - යහපාලන තේමා පාඨය වෙනස් වෙයි

එක නායකත්වයක් - එක රජයක් - එක වැඩපිළිවෙලක් යන තේමාව යටතේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (11) උදෑසන පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත හැකි රජයක් පිහිටු වීම තම අභිප්‍රාය වු බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ කැපවීම් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

දේශපාලන පක්ෂ දෙවනුවත් තම මව්බිම පළමුවත් ලෙස සළකා කටයුතු කිරීම තම අරමුණ වන බව ද පැවසූ අමාත්‍යවරයා, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ උදාර අරමුණකින් වන බව ද ඒ සඳහා බොහෝ කැප කිරීම් කළ බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් අද වන විට ජාතික ආණ්ඩු සංකල්පය රටට නොව දේශපාලඥයින්ට නොගැළපෙන තත්ත්වයට පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.


එවිට එක් නායකත්වයක් තුළ ජාතික ප්‍රතිපත්තියක් තුළ සියලු දෙනා කටයුතු කරන බව ද අමාත්‍යරයා පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ තටු කපන්න යයි - යහපාලන තේමා පාඨය වෙනසට.
ජනපතිගේ තටු කපන්න යයි - යහපාලන තේමා පාඨය වෙනසට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvfOhUG9SZFo2hBEga_nGK81i1ptrdKgBrDbIkHUIb5oKKsNsHDNMU47ERJ4QplbY7FYpoqHvxVCTEOhTe67VK3FIGt4Npm2JeCooKwGYQnTo-YZ04S6NwGnyJkkyXGzGz4UatDgu9GRw/s1600/Maithripala+Sirisena+1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvfOhUG9SZFo2hBEga_nGK81i1ptrdKgBrDbIkHUIb5oKKsNsHDNMU47ERJ4QplbY7FYpoqHvxVCTEOhTe67VK3FIGt4Npm2JeCooKwGYQnTo-YZ04S6NwGnyJkkyXGzGz4UatDgu9GRw/s72-c/Maithripala+Sirisena+1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_835.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_835.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy