කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට ඊයේ(04) රාත්‍රියේ පැමිණි පිරිසක් එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරිමත...
කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට ඊයේ(04) රාත්‍රියේ පැමිණි පිරිසක් එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරිමත් ඒ හරහා එම ආයතනයේ මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරිමත් දැඩි පිළිකුලින් යුතුව හෙළාදකින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය හා සාධාරණ විවේචනයක් තුළින් ආණ්ඩුවේ දුර්වලතා පෙන්වා දීමේ අයිතිය අගය කරන මාධ්‍ය සංවිධානයක් වශයෙන් එයට එකඟ විය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කරයි.
එම නිවේදනය පහතින්,
සිරස මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරීම පිළිකුලින් යුතුව හෙළාදකිමු.
කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට ඊයේ(04) රාත්‍රීයේ පැමිණි පිරිසක් එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරිමත් ඒ හරහා එම ආයතනයේ මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරිමත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.
එම ප්‍රහාරය පිළිබඳව සිය ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා සිරස ආයතනය අනාවරණය කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ට හා යහපාලන රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය වී ටික වේලාවකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත් ය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ මාධ්‍ය ආයතනයන්ට හා මාධ්‍යවේදින්ට එරෙහිව මෙවැනි සුළු සිද්ධින් ලෙස ආරම්භ වූ මාධ්‍ය මර්දනය පසුව රටේ මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම, මරණීය තර්ජන හා මාධ්‍ය ආයතන වලට පහරදීම, ගිනි තැබිම වැනි සිදුවීම් දක්වා ප්‍රසාරණය වූ ආකාරය පැහැදිළි කරන මෑත කාලීන අතීතයක් අප මාධ්‍ය කේෂ්ත්‍රය සතු වනවා මෙන්ම එම අත්දැකීම් මේ රටේ ජනතාවටද අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
එසේ තිබියදී මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කිරිම මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන්හි වගකීම බව අපි තරයේ සඳහන් කරමු.
පසුගිය කාලය තුළ රටේ පැවති දේශපාලන වාතාරණයේදි වගකිව යුතු මාධ්‍යයක් ලෙස සිරස සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ විවේචන සමාජය සතුව පවති. එනමුත් මාධ්‍ය නිදහස ගැන 24 පැයේම පාරම්බාමින් සිටින යහපාලකයන්ට සිරස මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය විසඳා ගැනිමට හෝ එයට මැදිහත් විමට රටේ නීතිමය රාමුව මෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් ඇති නිර්ණායක ප්‍රමාණවත් බව අපි තරයේ විස්වාස කරමු. එවන් වාතාවරණයකදී සිරස හරහා සිය දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට වෑයම් කරන පිරිස මට්ටු කිරීමට ආණ්ඩුව සිය හෙංචයින් ලවා මෙවන් මර්දනකාරී ක්‍රියාවන් සිදු කිරීම අපට අනුමත කළ නොහැකිය.
නමුත් ජාතිවාදය මුවාවෙන් පසුගියදා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට සමාජ ජාලා අවහිර කිරිම වැනි ක්‍රියාවන් සිදු කරමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සහ කළ වර්තමාන යහපාලන පාලකයින් මෙවන් ක්‍රියාදාමයන් හරහා උත්සහ කරන්නේ තවදුරටත් මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් තැබීමට බව අපට හැගි යන අතර මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය හා සාධාරණ විවේචනයක් තුළින් ආණ්ඩුවේ දුර්වලතා පෙන්වා දීමේ අයිතිය අගය කරන මාධ්‍ය සංවිධානයක් වශයෙන් එයට එකඟ විය නොහැකි බවත් අපි අවධාරණය කර සිටින්නෙමු.
දුමිදු දිසානායක
කැඳවුම්කරු
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
"සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය"
COMMENTS