අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික...
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ මූලිකත්වයෙන් එජාප පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වී සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ජනවරමට පටහැනිව කටයුතු කිරීම, ජනවරමට එකට සිටගත් කණ්ඩායමට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාව පරාජය කර, අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තහවුරු කර ගත හැකි වුවහොත් මෙම පියවර සඳහා එජාපය කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
එජාප පාර්ශ්වයෙන් ආණ්‌ඩුවේ අමාත්‍ය ධුරයක් දරන නීති ක්‍ෂේත්‍රයේ දැවැන්ත තනතුරක් දරන ලද චරිතයක්, ජනාධිපතිවරයාට එරෙහිව එම දෝෂාභියෝගය සකස් කරමින් පවතින බව එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ද මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් එජාපයේ නීතිඥ පිරිස සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
COMMENTS