නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට ව්‍යාජ අත්සන් යොදමින් වැටුප් ලබා ගත් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශණයක් සිද...
නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට ව්‍යාජ අත්සන් යොදමින් වැටුප් ලබා ගත් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස එම කාර්යාලයේ සේවකයින් වයඹ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන පරිපාලන නිලධාරී එම්.ජී.විමලසේන මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මේ බව සඳහන් වෙයි.
නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට වෙනත් අයෙකු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙනුවට ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් තබා ඇත.
ඒ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඇඟිලි සළකුණ වෙනුවට වෙනත් අයෙකුගේ ඇඟිලි සළකුණ එම යන්ත්‍රයේ ලියාපදිංචි කිරීමටද කටයුතු කර තිබී ඇත.
මේ සම්බන්ධයෙන් හෙළි වීමෙන් පසුව 2018 පෙබරවාරි මස 07 වැනිදා එයද වෙනස් කිරීමට කටයුතු කර ඇත.
දිගින් දිගටම සිදුවන මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස කලාප කාර්යාලයේ සේවකයින් විසින් ඉහළ නිලධාරීන් ගෙන් ඉල්ලා ඇති නමුත් ඒ සඳහාද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS