දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදයංගට ඩුබායිවලත් නඩු : පසුව මෙරටට.
Homeගොසිප්

උදයංගට ඩුබායිවලත් නඩු : පසුව මෙරටට.

PropellerAds

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන එරට දී ඔහු සිදු කර ඇති වරදට අදාළ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මෙරටින් යැවූ ර...

ඒකාබද්ධ විපක්ෂය රනිල්ට එරෙහි විශ්වාසභංගය බාර දෙයි.
වත්කම් හෙළි නොකිරීමේ දඩය 100,000ක් දක්වා වැඩිවේ.
කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන එරට දී ඔහු සිදු කර ඇති වරදට අදාළ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මෙරටින් යැවූ රතු නිවේදනයෙන් සහ මෙරටින් කර ඇති ඉල්ලීම් සම්බන්ධව කරුණු නිරීක්ෂණය කර ඉන් අනතුරුව ඔහු මෙරටට ලබා දීම කරන බව ජාත්‍යන්තර පොලිසිය මගින් මෙරට ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය වෙත දැනුම් දීමක් කර තිබේ.

ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය වෙත යවන ලද එම රතු නිවේදනයට ප්‍රතිචාර වශයෙන් එම දැනුම් දීම කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි මෙරට ‍ජාත්‍යන්තර පොලිස් මුලස්ථාන ශාඛාව වෙතයි.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් මෙරට අධිකරණ උපදෙස් මත රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය වෙත යවා ඇත්තේ මිට මාස දෙකකට පමණ පෙරය. එම රතු නිවේදනය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයේ උපදෙස් මත ඩුබායිහි අබුඩාබි පොලිසිය අවධානය යොමු කර තිබේ. ඒ අතර උදයංග මෙරටට ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කළ ඉල්ලීම්ද අබුඩාබි පොලිසියේ අවධානයට යොමු වී ඇති බවද එහි සඳහන් වෙයි.

මේ අතර උදයංග සහ ඔහුගේ ඥාතීන් මෙරටින් ඉපැයූ කළු සල්ලි රුපියල් කෝටි දහස් ගණනක් ද, උදයංග ඉපැයූ කළු සල්ලි විශාල ප්‍රමාණයක් ද ඩුබායි බැංකුවල තැන්පත් කර ඇත. ඩුබායි රටට එම මුදල් විශාල ආයෝජනයක් වී ඇත. එම නිසා උදයංග අත්අඩංගුවට ගෙන මෙරටට බාරදීම සහ රතු නිවේදනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අබුඩාබි පොලිසියේ දැඩි සාකච්ඡාවට භාජනය වන කරුණක් බවට පත්වී ඇති බවද ජාත්‍යන්තර පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

එනම් උදයංග අත්අඩංගුවට ගෙන මෙරටට බාර දුනහොත් එම බැංකුවල ඇති මුදල් ඔවු ඉවත් කර ගනු ඇති බවට එරට බලධාරීන් සැකකරයි.

කෙසේ වෙතත් මෙරට ද විවිධ අපරාධ සිදු කර විදෙස් රටවලට පැන ගත් අපරාධකරුවන් විශාල පිරිසක් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ රතු නිවේදන විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර පොලිසිය වෙත යවා ඇත. එහෙත් එම රතු නිවේදනවලට ප්‍රතිචාර ලැබී ඇත්තේ එකකට හෝ දෙකකට පමණි. මේ තත්ත්වය මෙරටට පමණක් බලපාන දෙයක් නොව ලොව ආසියාතික රටවල් රැසකට මුහුණදීමට ඇති තත්ත්වයකි.

ඉන්දියාවට අවශ්‍ය බරපතළ අපරාධකරුවෙක් මේ වන විට මේ ආකාරයෙන්ම ඩුබායි රටේ එලිපිටම ජිවත් වෙයි. ඔහු සම්බන්ධව ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා වරින් වර ඉල්ලිම් ගණනාවක් ද කර ඇතත් ඩුබායි පොලිසිය ඔහු අත් අඩංගුවට නොගෙන සිටින බවද ඉහත සඳහන් පොලිස් නිලධාරියා කීය.

යම් රටක සැකකරුවකු වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කෙරෙන්නේ එම සැකකරු වෙනුවෙන් සිතාසියක්, වරෙන්තුවක් , විවෘත වරෙන්තුවක්, නිල් නිවේදනයක් ද නිකුත් කර ඊට ද ප්‍රතිචාරයක් නොලැබුණ විටය. සාමාන්‍යයෙන් ලෝකයේ ඔනෑම රටක් රතු නිවේදනයක් නිකුත් කරන්නේ ප්‍රංශයේ ලියොන් නුවර පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය වෙතය.

අනතුරුව එම රතු නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එම මුලස්ථානය මගිනි. ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයට අමතරව විවිධ රටවල් එකිනෙක රටවල් අතර අපරාධකරුවකු එම රටට පැන ගත් අවස්ථාවක එම සැකකරු අදාළ රටට බාර දෙන බවට ගිවිසුම් අත්සන් කරගෙන ඇත. එවන් අවස්ථාවක රතු නිවේදනයක් අවශ්‍ය වන්නේ නොමැත. ඩුබායි සහ ලංකාව අතර එවැනි ගිවිසුමක් නොමැතිවීම ද එරට සැඟවී සිටින මෙරට අපරාධකරුවන් ගණනාවක් මෙරටට ගෙන්වා ගැනීමට ඇති විශාල බාධාවකි. එවැනි ගිවිසුමක් තිබුණේනම් උදයංග , මදුෂ් හෝ වෙනත් පාතාල සහ මත්දුව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමක් අවශ්‍ය නොවන බවද පොලිසිය කියයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදයංගට ඩුබායිවලත් නඩු : පසුව මෙරටට.
උදයංගට ඩුබායිවලත් නඩු : පසුව මෙරටට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd-rXo-Q0gOJMqyMUclIJd-ZKNjfKDc8CsF-enaNknfivCu6LpslZF_w-BARzRApewBs7svneSfZsMfDdwQEXxIWYlrv9Ft02qfEw_mihQV0UTV-6PIRbCVlfpEaTHE6RbXJZHGC_KWF4/s1600/76dcf2dd6f5d0ecc7c4268e1d85f487f_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd-rXo-Q0gOJMqyMUclIJd-ZKNjfKDc8CsF-enaNknfivCu6LpslZF_w-BARzRApewBs7svneSfZsMfDdwQEXxIWYlrv9Ft02qfEw_mihQV0UTV-6PIRbCVlfpEaTHE6RbXJZHGC_KWF4/s72-c/76dcf2dd6f5d0ecc7c4268e1d85f487f_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy