වී ගොවිතැන සඳහා නව පොහොර සහනාධාර ක‍්‍රමය ඊයේ (6) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. ...
වී ගොවිතැන සඳහා නව පොහොර සහනාධාර ක‍්‍රමය ඊයේ (6) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ අනුව වී ගොවිතැන සඳහා යල කන්නයට හිමි වන අයුරින් යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර කිලෝග‍්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් ලබා දෙන අතර අනෙකුත් බෝග සඳහා රුපියල් 1500 ක මිලකට ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙතෙක් ක‍්‍රියාත්මක වූ පොහොර මිලදී ගැනීමට මුදල් ලබා දීමේ ක‍්‍රමය අහෝසි කර මෙම පොහොර සහනාධාරය ලබා දීම සිදු කෙරේ.
මේ සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS