ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරි...
ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.
එහි පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, කර්මාන්ත ශාලා අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය වලංගු වන බව ය.
ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පානදුර මූලික රෝහලේ සිදු කෙරිණි.
මේ අතර අනතුරින් සිහිසුන්වූ පුද්ගලයින් 19 දෙනෙකු තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවය.
COMMENTS