දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි - ඇමති සාගල.
Homeගොසිප්

අපි මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි - ඇමති සාගල.

PropellerAds

මේ සිස්ටම් එක වෙනස් කළ යුතු බව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසු...

පස මිතුරු කඳවුරු දෙකක් යා කළ සංහිඳියාවේ පෙම් පුවතක්
සංගාගෙන් උගත් හැටි සෑම් කරන් කියයි
පකිස්ථානයේ ඒසියා බිබී ගේ කතාව

මේ සිස්ටම් එක වෙනස් කළ යුතු බව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) නිකවැරටිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ යොවුන් පුරයේ සමාප්ති උලෙළට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මට විශාල ආඩම්බරයක් තියෙනවා මේ අමාත්‍යංශය මට ලැබීම ගැන. මොකද මේ අමාත්‍යංශය මීට පෙර තිබුණේ අපේ අගමැතිතුමා යටතේ. අගමැතිතුමා තරුණ කටයුතු ඇමතිවරයා විදිහට 80 දශකයේ තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා.ඒ වගේම මට විශෘල වගකීමකුත් මගේ කර මත පැටවෙනවා. ඒ තමයි ඔබේ අනාගතය, මේ තරුණ දූදරුවන්ගේ අනාගතය ගොඩනඟන වැඩපිළිවෙල සැකසීම. ඒ ආඩම්බරයයි, වගකීමයි දෙකම මම විශෘල ගෞරවයකින් පිළිඅරගෙන ඔබත් සමඟ කටයුතු කරන්න තමයි දැන් මම සූදානම්වෙලා ඉන්නේ.

අද අපි මේ ඉන්න යොවුන් පුරයත් අගමැතිතුමාගේ සංකල්පයක්. එතකොට එතුමා බොහෝම තරුණ තරුණ කටයුතු අමාත්‍යවරයෙක්. මේ යොවුන්පුරයේ දී මම තරණ තරුණියන්ට කිව්වා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතරතුර දී ඔවුන්ගේ අදහස් අපිටත් ලබා දෙන්න කියලා. අද මම කලින්ම ඇවිත් යොවුන් පුරයේ දිස්ත්‍රික්වලටත් , ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන ස්ථානවලටත් ගියා . ඒ හැම අවස්ථාවකදීම තරුණ තරුණියන් මට කිව්වේ යොවුන්පුරය යොවුන්පුරය කියලා කියන්නේ කල්ඉකුත්වන ව්‍යාපෘත්යක් නෙවෙයි කියලයි.

 ඇත්තටම කියනවා නම් අගමැතිතුමාට තරුණයින සම්බන්ධයෙන් අනාගත දැක්මක් තිබුණා. ඒ දැක්මේ ප්‍රතිපල තමයි අපි අදත් අත්විඳින්නේ. ඒත් අපි දැන් අලුතින් හිතන්න ඕන. ඔබ සාකච්ඡා කරපු කරුණුත් අපි ඉදිරි වැඩපිළිවෙල සකස්කරද්දි යොදාගෙන ඒවා මත අපේ රටේ තරුණයන්ගේ අනාගත වැඩපිළිවෙල සකස් කරන්න.

 මම මගේ කතාව අවසන් කරන්න කලින් කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමණි, ගරු අගමැතිතුමණි, තාරුණ්‍යය කියන්නේ ඉතාම රැඩිකල් කොට්ඨාසයක්. ඒ රැඩිකල් භාවය රජයක් වශයෙන් නිවැරදි මාර්ගයක ගෙනියන වගකීම අපිට තියෙනවා. මේ රැඩිකල්කම නිසාම තමයි 2015 ජනවාරි මාසෙත් 2015 අගෝස්තු මාසෙත් අපේ රටේ විශාල දේශපාලන වෙනසක් කරන්න තරුණ රැල්ලක් එකතු වුණේ.

 පවුල් දේශපාලනයට තිත තියන්න ඕන. එක පවුලක් ගොඩනැඟෙ එකට තිත තියන්න ඕන. හැමෝටම අවස්ථාව දෙන්න ඕන සියලුම තරුණ අයට සම සේ අවස්ථා දෙන්න ඕන කියලා තමයි එදා සමස්ත තාරුණ්‍යය අපිත් එක්ක ඒ රැඩිකල් ගමනක් යන්න එකතු වුණේ. ඒ නිසා තමයි මම කියන්නේ අපේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා. ඒක වෙනස් කරන්න විතරක් නෙවෙයි දේශපාලනය මොකක් වුණත් තරුණයින්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදිහට සිස්ටම් එක අපි හදන්න ඕන.

 ඒ වගකීම තියෙන්නේ ඔබ දෙපලටයි. ඒ වගකීම ඉටුකරන්න අපි ඔබ පිටුපසින් ඉන්නවා කියලා කියන්න කැමතියි" යැයි අමාත්‍යවරයා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි - ඇමති සාගල.
අපි මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි - ඇමති සාගල.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgrepk0vhiV_H2tFBnUs2OtrBQFzAth_BLJYoh-4tZsZU3dZWuQXQsWuPzE8qXJRyRCHNAyGpLEwsg8c4M4m6g7GdkgR3UJzUJkD0STSEksneB7lr01dxGOzCZhsefErvX_YdDWzQhnzc/s1600/1A1A9703.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgrepk0vhiV_H2tFBnUs2OtrBQFzAth_BLJYoh-4tZsZU3dZWuQXQsWuPzE8qXJRyRCHNAyGpLEwsg8c4M4m6g7GdkgR3UJzUJkD0STSEksneB7lr01dxGOzCZhsefErvX_YdDWzQhnzc/s72-c/1A1A9703.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy