මිනිසෙක් යමි සමාඡයක ඡිවත්විය යුත්තේ එකී සමාඡයේ බහුතරයකගේ ආගමික නීති පද්ධතියකට යටත්ව නමි ඔහු මොන අන්දමෙි නිවහල් මිනිහෙක්ද ? උක්ත ආගමෙි ම...
මිනිසෙක් යමි සමාඡයක ඡිවත්විය යුත්තේ එකී සමාඡයේ බහුතරයකගේ ආගමික නීති පද්ධතියකට යටත්ව නමි ඔහු මොන අන්දමෙි නිවහල් මිනිහෙක්ද ? උක්ත ආගමෙි මුලධර්ම යමි මිනිහෙක් ඡිවත් විය යුතුද , මිය යායුතුද යන්නද තීරණය කරයි නමි එය මොන අන්දමේ ආගමක් විය හැකිද ?
-----------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------
පකිස්ථාන කලාපයට අයත් පන්ඡාබි ප්‍රාන්තයේ ෂෙයික්හුපුරා දිස්ත්‍රික්කයේ ලිතාන්වැලි කියන තවමත් වැඩවසමි නටබුන් වලින් ඉවතට නාපු දුප්පත් ගමිමානයේ තමයි ඒසියා බිබී ඡීවත්වුනේ. ඇගේ මුතුන් මිත්තො පකිස්ථානය කියන රට හැදෙන්නත් කලියෙන් ඒ ගමෙි ඡිවත්වෙචිච මිනිස්සු. එයාල ඇදහුවෙ ක්‍රිස්තියානි ආගම.
2009 ඡුනි මාසෙ ඒසියා බිබී ගියා කමිකරැවෙක් විදිහට ලොතු ඉඩමක ෆල්සා බෙරි කියන පකිස්තාන් බෝගයේ අස්වනු නෙලන්න. අස්වනු නෙළන කොට එයාට වතුර තිබහ හැදිල ඒ ළග තිබුණු ලිදකින් වතුර බොන්න හැදුව. නමුත් එයා දැනන් හිටියෙ නෑ ඒ ලිදේ වතුර බොන්න පුලුවන් ඉස්ලාමි ආගමිකයන්ට පමණයි කියල. එයා වතුර බොනකොටම ඒසියාව වට කරගත්තු මුස්ලිමි ගෑනු ටික ඒසියාට දෙස්දොවොල් තිබිබ ලිදේ වතුර පිට ආගමක කෙනෙක් බිවිව නිසා අපිරිසිදු වුනා කියල. ඒසියා බිබිත් කට ගහගෙන ගියා . ගෑණුනෙ. නමුත් වැඩෙි කෙලවර වුනේ ඒසියා බිබීව ෂෙයික්හුපුරා දිස්ත්‍රික් උසාවියටත් ගෙනිහිල්ලයි.
පකිස්ථාන් උසාවිවල නීතිය හැදිල තියෙන්නෙ ඉස්ලාමි ධර්මයේ මුලධර්ම අනුවයි. ඒ නිසා ඒසියා බිබීට මුල ඉදන්ම වුනේ අසාධාරනයක්.අපරාධයක් . ඒ නිවහල් මිනිසුන්ට අනුව.2010 ෂීක්හුපුරා දිස්ත්‍රික් උසාවිය ආසියා බිබීට ඉස්ලාමි ධර්මයට අපහාස කිරීමෙි චෝදනාව යටතේ මරණිය දන්ඩනය නියම කරනව. එම මරණිය දන්ඩනය ලාහෝර් මහාධිකරනය අනුමත කරනව.
ළිදකින් පිපාසයට වතුර ටිකක් බීපු නිසා පකිස්ථාන් රාඡ්‍ය ගැහැනියකට දඩුවමි කලේ එහෙමයි.ලෝකෙ සියලුම මානව හිමිකමි සංවිධාන මෙම නඩු තීන්දුවට එරෙහිව සිය විරෝධය පලකරන කොට යුරෝපයේ බොහෝ රාඡ්‍ය මෙම දඩුවම අසාධරන බවට පකිස්ථානයට චෝදනා කලා.
2010 දි XVI Benedict පාප්වහන්සේ පකිස්ථානයට ආයාචනය කලා එකී දඩුවම ලිහිල් කරන්න කියල. මෙි කිසිවක් පකිස්ථාන් රාඡ්‍ය ඇහුවෙ නෑ 'ඒසියා බිබී වෙනුවෙන් ඒ වෙලාවෙ පිහිටට ආවෙි පන්ඡාබි ආණ්ඩුකාරය සල්මාන් තසීර්. ඔහු ඇය වෙනුවෙන් හැම නඩුවාරයකම ආපු කෙනෙක් .
නමුත් ආගමික අන්තවාදියො 2011 ඡනවාරි 04 වැනිදා මෙි මනුස්සයව වෙඩිතියල මරල දානව . මෙි සියල්ලම මෙහෙම වුනත් පකිස්තාන් අධිකරන පද්ධතිය ඇගේ මරණ දන්ඩනය ක්‍රියාත්මක කලෙත් නෑ. 2015 දි ප්‍රැන්සිස් පාප් වහන්සේ පකිස්ථානයට ඇවිල්ල පුද්ගලිකවම හිර ගෙදරදි ඇයව හමුවෙනව.
2015 දි නැවත ඇගේ නඩුතීන්දුව සලකා බලන්න කියල ඇය ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කරනව.
2015 දි නැවත ඇගේ නඩුතීන්දුව සලකා බලන්න කියල ඇය ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කරනව.
ඡාත්‍යන්තර බලපෑමත් මෑතකදී සිදුවූ ඉමිරාන් ඛාන්ගේ පැමිණිමත් පකිස්ථාන ශ්‍රෙෂඨාධිකරණයට බලපෑමි කලාක් මෙන් හරියටම අවුරැදු 08 ක් ගියාට පස්සෙ පකිස්ථාන් ශ්‍රේෂ්ඨාධිකරණය කියනව ඒසියා බිබීට වෙනත් නඩු නැත්නමි ගෙදර යන්න පුලුවන් කියල. ඊට පස්සෙ තමයි පකිස්ථානෙ ඇතිවෙන්නෙ නියම යුද්දෙ.

වහාම තීන්දුව ඇකිලුවෙ නැත්නමි පළමුව ඒසියා බිබීවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරැවරැනුත් මරා දමන බවට පකිස්තාන් ආගමික සංවිධාන මිනිස්සු පිරිවරන් පාරට බහින්නෙ ඊට පස්සෙයි . ඔවුන් පාරට බැස්සෙ දස දහස් ගණනක් තම අනුගාමිකයන් සමග කඩ සාප්පු ගිනි තියමින් පාරවල් වසා දමමින් නගර සියතට ගනිමින්. ඒක මෙහයවන්නෙTehreek-e-Labaik කියන ඉස්ලාමි මුලධර්මවාදීන්ගේ සංගමය.
‘‘ මෙය සැබෑ ඉස්ලාමි ධර්මය නොවෙි. ඔබලා රටක අධිකරණ පද්ධතියේ තීන්දු තීරණවලට එරෙහිවීම යනු රාඡ්‍යයට එරෙහිවීමයි. ඔබලාට එරෙහිව මම දැඩි තීරණ ගනිමි ‘‘ එහෙම කියන්නෙ පකිස්ථාන නව අග්‍රමාත්‍ය ඉමිරාන් ඛාන් ‘‘ ඒත් විරෝධතාකරැවෝ දින 3 ක් තිස්සේ ඉස්ලාමිබාදය වටකරල පාරවල් අවහිර කරන එක නැවත්තුවෙ නෑ. පස්සෙ ඉමිරාන්ට සිද්ධවෙනව විරෝධතා කරැවන් එක්ක යමි එකගතාවයකට එන්න. ඒකෙ නරකම තැන තමයි ඒසියාව කොහේවත් රටකට යවන්න බෑ. නැවත මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතුයි කියන තැන.
මෙවන් තත්වයක් යටතේ නිදහස් වුනත් ඒසියා බිබීට ගෙදර එන්න බෑ ඒ නිසා ඒසියා බිබීගේ සැමියා නෙදර්ලන්තයට , ඉතාලියට, එංගලන්තයට සහ ඇමෙරිකා එක්සත් ඡනපදයට පණිවිඩ යවනව තමන්ගෙ පවුලවත් ඒසියා බිබටත් රැකවරන ඉල්ලල. ගිය සතිය පුරාම ඉස්ලාමාබාද් මහාධිකරන සංකීර්ණය මිනිසුන්ට තහනමි කලාපයක් කරලයි දැඩි ආරක්ෂාවට යටත් කරලයි තිබුනේ. ඒ අතර මරණ බියෙන් තැති ගත්තු ඒසියා බිබීගේ නීතිඥයා නෙදර්ලන්තයට රැකවරන ඉල්ලමින් පලා යනව.
ඉමිරාන් ඛාන් විරෝධතාකරැවන් එක්ක කුමන එකගතාවයකට ආවත් ඔහු මෙි අසීරු අවස්ථාවෙි පකිස්ථාන් රාඡ්‍ය සමග ඒසියා බිබී වෙනුවෙන් පෙනී සිටීම මානව හිතවාදී මිනිසුන්ගේ අනගි ඡයග්‍රහනයක් කොට අවිවාදයෙන් සැලකිය හැකියි. 2018 නොවැමිබර්04 මුහුන වසාගත් ඒසියා බිබී ඉස්ලාමාබාද් සිර ගෙදරින් දැඩි ආරක්ෂාව සහිතව එලියට එන අතර ඇය එලියට එනතුරැ ඉස්ලාමිබාදයේ කුඩා ගුවන් යානයක් නවතා තිබූ බව පකිස්ථාන මාධ්‍ය වාර්තාකර තිබුණා. ඇය පිලිගැනීමට ගුවන්යානය අසල විදේශීය නියෝඡිතයන් කිහිප දෙනෙක් හා පකිස්තානුවන් කිහිපදෙනෙක්ද සිටි බව එම මාධ්‍ය අනාවරණය කරා. ඇය එයට ගොඩවුණු නමුත් ඔවුන් කිසිවෙක් ඇගේ ගමනාන්තය දැන ගෙන සිටියේ නෑ ..මම හිතන්නෙ ඇය මිනිස්සු ඉන්න රටකට යන්න ඇති !
- - උපාලි ජයසිංහ -
COMMENTS