බොරැල්ල, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටි කිරිහල තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ. අද (21) උදෑසන හටගත් ගින්න පොලීසිය, කොළඹ ගිනි නිවන ඒකකය එක්ව ම...
බොරැල්ල, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටි කිරිහල තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද (21) උදෑසන හටගත් ගින්න පොලීසිය, කොළඹ ගිනි නිවන ඒකකය එක්ව මැඩපවත්වා ඇති බව සඳහන්ය.
ගින්න හේතුවෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS