දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි : සභාපති පුටුවට අර්ජුන පත්කිරීමට සාකච්ඡා.
Homeගොසිප්

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි : සභාපති පුටුවට අර්ජුන පත්කිරීමට සාකච්ඡා.

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත් වීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන නාමයෝජනා ...

මෛත්‍රිගේ කරේ වහපු කිරිල්ලී නිසා කරදර (බ්‍රහස්. කාටූන්)
හත් දරු බස් ව්‍යාපාරිකයා මළ පසු පවුල් දෙකක් මිනිය ඉල්ලා සටන් වැදිලා
පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත් වීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන නාමයෝජනා භාර ගැනීම ආරම්භ කර තිබේ. පසුගිය 08 වැනිදා නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම පිළිබඳ දැනුවත් කරමින් ක්‍රිකට් ආයතනයේ සියලු සාමාජික සංගම් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ මෙරට ක්‍රීඩා නීතිය අනුව නිලවරණයකට දවස් 40කට පෙර ඒ පිළිබඳව සිය සාමාජික සංගම් හෝ ක්‍රීඩා සමාජ දැනුවත් කිරීම කළ යුතු බැවිනි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් සභාපති පුටුවට තරග වැදීමේ උත්සහයක් පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කළේය. ඊයේ (18දා) දිනයේදී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය මුණගැසී ඇති අතර, එහිදී යළිත් සභාපති තනතුරට තරග කිරීම සඳහා කාර්යමණ්ඩලයේ සහායද ඉල්ලා ඇතැයි වාර්තා විය. කෙසේ වෙතත් එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බවත්, සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යමණ්ඩලයට සුබ පැතීමට පමණක් සභාපතිවරයා එක්වුණු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩ්රිගෝ මහතා මේ පිළිබඳ අප කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේය.

මේ වන විට තිලංග සුමතිපාල පාර්ශ්වය නිලවරණය සඳහා සූදානම් වන පසුබිමක ඔහුට ප්‍රතිවාදීන් ලෙස කිහිපදෙනෙක් සභාපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් පවතින බවට හෙළිවේ. මෙම පිරිස ක්‍රිකට් වංචා, දූෂණවලට එරෙහිවන්නාවූ පුළුල් ව්‍යාපාරයක් යටතේ ඒකරාශී වී ඇති බවත්, ඊට හිටපු ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනෙක්, හිටපු උපසභාපතිවරුන් තිදෙනෙක් සහ හිටපු ලේකම්වරයෙක්ද සම්බන්ධ බවත් අනාවරණය වේ. මීට අමතරව තිලංග සුමතිපාල පාර්ශ්වය පරාජයට පත්කිරීමට ඔවුන්ට සම්බන්ධ ක්‍රීඩා සමාජ රාශියක් සහාය දක්වන බවටද වාර්තා වේ. 

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා තාවකාලිකව පත්වී ඇති පසුබිමක තවත් පිරිසක් පසුගිය වසර දෙක තුළදී ක්‍රිකට් ආයතනය තුළ සිදු වූයේ යැයි කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ වංචා පෙන්වාදෙමින් ඊට අතුරු පාලක කමිටුවක් පත්කර ගැනීමේ උත්සාහයක නිරත වන බවටද අනාවරණය වේ. ඊට වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේද සහාය හිමිව ඇති අතර, බොහෝවිට ඉදිරි සති දෙක තුන තුළ ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්වෙතැයි ඔවුන්ගේ අදහස වී තිබේ. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරුකමිටු පිළිනොගන්නා පසුබිමක ක්‍රිකට් පරිපාලනයට අතුරුකමිටුවක් පත් නොවනු ඇතැයි ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මේ අතර, අතුරු කමිටුවක් පත්වනු ඇතැයි උපකල්පනය කරමින් ක්‍රිකට් වංචා දූෂණ සිදුවී ඇති බවට සැක පළකරන ලිපිගොනු කිහිපයක්ද මේ වන විට පිරිසක් සූදානම් කරගෙන තිබේ.
නිලවරණය සම්බන්ධයෙන් සහ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් රොෂාන් බියන්වල මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ නාමයෝජනා භාර ගැනීම මෙම මස 27 වැනිදායින් අවසන් කරන බවයි. 

මෙහිදී නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ක්‍රිකට් ලේකම්වරයා,

සියලු නාමයෝජනා අපිට 27 වැනිදා වන විට ලැබිය යුතුයි. අපි සියලුම දෙනාට යොමුකළ ලිපිවල ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව 27ට පෙර තමයි අවසන් දිනය තිබෙන්නේ. නිලවරණය පැවැත්වෙන්නේ මැයි මස 19 වැනිදායි. එදින සිට දින ගණන ගණන් කරලා තමයි මේ දින දාලා තියෙන්නේ.

අපි ක්‍රීඩා නීතිය අනුව දින 40කට කලින් සාමාජිකයන්ට නිලවරණය පිළිබඳව දැන්වූවා. අපිට මේ මාසේ 08 වැනිදාට කලින් තමයි දැනුවත් කිරීම කරන්න තිබුණේ. ඒ අනුව මේ මාසේ 05 වැනිදා වන විට අපි සියලුම ක්‍රීඩා සමාජ සහ සංගම්වලට මේ පිළිබඳව ලිඛිතව දැන්වූවා. එනිසා 27 වැනිදාට පෙර අනිවාර්යයෙන් නාමයෝජනා ලැබිය යුතුයි.

තවම අපිට කිසිදු නාමයෝජනාවක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් අවසන් සතිය තුළ තමයි බොහෝ දෙනෙක් නාමයෝජනා භාරදෙන්නේ* යැයි පවසා සිටියේය.

අර්ජුන සාධකය

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අර්ජුන රණතුංග මහතාව පුළුල් සන්ධානයකින් ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට මෙහිදී අවධානය යොමුව තිබේ.

වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද නැවතවරක් ක්‍රිකට් සභාපති ධුරයට තරග කිරීමට නියමිතව තිබේ. පසුගිය නිලවරණයේදී අර්ජුන රණතුංග මහතා උපසභාපති තනතුරට තරග කළ අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදි අලුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර එයට අර්ජුණ රණතුංග මහතාද එක්ව සිටියේය.

මෙහිදීද මේ සම්බන්ධයෙන් නොනිල මට්ටමින් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි : සභාපති පුටුවට අර්ජුන පත්කිරීමට සාකච්ඡා.
ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි : සභාපති පුටුවට අර්ජුන පත්කිරීමට සාකච්ඡා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHMWmq74R71suL1mTKSC_sVjzTB4w7Z1FbwTSrN_nOKZeQy8HLox6_T5NIsdgm7eMLmET2jqw3R2G9DPN5XOMnkMUu-q18itYKAXyRNmoXhZS6Y0avape1uCmEiEryVkj0S6TjG73ApiE/s1600/0911.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHMWmq74R71suL1mTKSC_sVjzTB4w7Z1FbwTSrN_nOKZeQy8HLox6_T5NIsdgm7eMLmET2jqw3R2G9DPN5XOMnkMUu-q18itYKAXyRNmoXhZS6Y0avape1uCmEiEryVkj0S6TjG73ApiE/s72-c/0911.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_409.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_409.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy