දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි සිසුන්ට ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පණිවිඩයක්.
Homeගොසිප්

සරසවි සිසුන්ට ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පණිවිඩයක්.

PropellerAds

"සරසවි සිසුන් තුළ ඉතා හොඳ ව්‍යවසායකත්ව හැකියාවන් පවතින බවත්, තම සරසවි අධ්‍යාපනය අවසන් කර, ඉතා හොඳ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා ගෙන, ඔබ...

නිදහස් දිනය වෙනුවෙන් මරණ දඬුවම ලද 60 දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම්
බැප්ටිස්ට් ප්‍රනාන්දු සමුගනී
විජිත ෆිනෑන්ස් ප්‍රධාන විධායක ශ්‍රීනික මතකධීර හොරණදී වෙඩි තබා ඝාතනය වේ

"සරසවි සිසුන් තුළ ඉතා හොඳ ව්‍යවසායකත්ව හැකියාවන් පවතින බවත්, තම සරසවි අධ්‍යාපනය අවසන් කර, ඉතා හොඳ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා ගෙන, ඔබගේ හැකියාව ගැන විශ්වාසය තබා, ඔබගේම ස්වයං රැකියාවක් ආරම්භකර, තවත් පිරිසකට රැකියාවන්ද සපයමින් ඉතා සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්වන මෙන් මම ආරාධනා කරනවා." යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී පැවති "උපාධිධාරී ව්‍යාපාර උදානය " වැඩ සටහනේදී සරසවි උපාධිධාරීන් 32 කට ස්වයං රැකියා සඳහා මූල්‍යමය ආධාර ලබා දීමේ උත්සවයේදීය. මෙම උත්සවය සංවිධානය කර තිබෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA - National Enterprises Development Authority) විසිනි.

මෙහිදී කැලණිය, යාපනය, පේරාදෙණිය හා රජරට යන විශ්වවිද්‍යාල වල උපාධිධාරී සිසුන් 32 කුට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන අමාත්‍යවරයා අතින් පිරිනැමුණි. එහිදී එක් සිසුවෙකුට රු.150,000.00 කට ආසන්න මුදලක් පරිත්‍යාග ලෙස ලැබුණි. එසේම මෙම සිසුන්ට ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව NEDA ආයතනය මඟින් නොමිලේ ලබා දී තිබුණි. සිසුන්ට ලබා දුන් ප්‍රතිපාදනවල මුළු වටිනාකම රු.4,484,500.00 කි.

මෙහිදී යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය සපයන්නන්ගේ නාමාවලිය ද එළි දැක්වුණි. එම ග්‍රන්ථය NEDA ආයතනයේ සභාපති ඕමාර් කාමිල් මහතා විසින් අමාත්‍යවරයාව පිළිගන්වනු ලැබීය. එමෙන්ම ඉන්සී (Insee) සිමෙන්ති පුද්ගලික සමාගම සමඟ පෙදරේරු ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් පුහුණුවට හා ස්වයං රැකියා අවස්ථා උදා කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත්, අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එසේම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින්ට ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා ලැප්ටොප් යන්ත්‍ර හා ටැබ් පරිගණක පිරිනැමීමක්ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හෙවත් නේඩා ආයතනය "උපාධිධාරී ව්‍යාපාර උදානය " වැඩසටහන ආරම්භ කරන්නේ 2004 වසරේදීයි. ඉන් පසුව මේ වැඩසටහන යටතේ අපි විශ්ව විද්‍යාලවලින් තෝරාගත්, ඒ වගේම ව්‍යාපාර ක්‍ෂේත්‍රයට කැමති සිසුන්ට ව්‍යාපාර ගැන, නිෂ්පාදන ගැන, වෙළෙඳපල ගැන, කළමනාකරණය හා අලෙවිකරණය ගැන, ණය පහසුකම් ලබා ගැනීම ගැන ඉතා හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කරන්නට අවශ්‍ය වන ප්‍රාග්ධනය සඳහා මූල්‍යාධාරයක් ලබා දෙනවා. අපි ගෙවී ගිය කාලය තුළ සරසවි උපාධාධාරීන් 100 කට ආසන්න පිරිසකට මේ ආකාරයට පුහුණුව සමඟ මාර්ගෝපදේශන හා ආධාර මුදල් පිරිනමා තියෙනවා. අපි අද මේ සරසවි උපාධිධාරීන් 32 කට රු. 150,000.00 බැගින් රු. 4,484,500.00 ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙනවා. අද මම හුඟක් සතුටු වෙනවා. අපේ රටේ වටිනාම සම්පතක් වන සරසවි උපාධිධාරීන්ට ඔවුන්ගේ දැනුම භාවිතා කරලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා රජයටවත්, අනෙක් කාටවත්  අත නොපා තම දෙපයින් නැගී සිටීමට පියවර ගෙන තිබීම ගැන. අපේ රට ආර්ථික වශයෙන් සවිමත් කරමින් සංවර්ධනය කරන්න පුලුවන් වන්නේ, අපේ තරුණ පරපුරෙන් මේ ආකාරයට ප්‍රයෝජනය ගැනීමට වැඩ පිලිවෙලක් යෙදීමෙන් පමණයි. ඒ නිසා අද ආධාර උපකාර ලබන ඔබ අනාගතයේදී මෙරට සාර්ථක දක්ෂ උපාය මාර්ගික ව්‍යවසායකයෙකු වන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන." යැයි පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. තාජුඩීන්,  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ NEDA සභාපති ඕමාර් කාමිල්, අධ්‍යක්ෂ ලක්ෂමන් විජේවර්ධන හා ඉන්සී (Insee) සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති ජාන් කුනිග් (Jahn Kunigk) මහත්වරු සහභාගී විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි සිසුන්ට ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පණිවිඩයක්.
සරසවි සිසුන්ට ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පණිවිඩයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5nMLAebpk0lf9xvHaVmRktq_YsUJ5kZA7df-G8w-uxm5q-63PGqThPpJtHZJRzqkDEfzX6rgeZx11vFCr54X6BBzbZEbGJ3JgFA-_bn7Pd78buuET5jtYDPpUbDUorJ-OPowE8ZG6E-A/s1600/Minister-Rishad-Badurdeen.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5nMLAebpk0lf9xvHaVmRktq_YsUJ5kZA7df-G8w-uxm5q-63PGqThPpJtHZJRzqkDEfzX6rgeZx11vFCr54X6BBzbZEbGJ3JgFA-_bn7Pd78buuET5jtYDPpUbDUorJ-OPowE8ZG6E-A/s72-c/Minister-Rishad-Badurdeen.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_331.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_331.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy