වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. මේ අතර 29 හා 30...
වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
මේ අතර 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අද ( 26 ) සිට මැයි මස 02 වැනිදා දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටියි.
COMMENTS