පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මඟින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ...
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මඟින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පල වු වාර්තාවන් පිළිබඳව කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්,
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මඟින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පල වූ වාර්තාවන් අපගේ අවධානයට ලක්ව ඇත.
වසර 30ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය මෙරට පොදු ජනතාව සතු දේපලක් වන අතර, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට අළුත් වැඩියා කරමින් එය නඩත්තු කිරීම ද අත්‍යාවශ්‍ය වෙයි.
එහි ගෙවී ගිය දශක 03 ක කාලය තුළ සිදු කළ යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් ද මතුව තිබේය.
කවර දේශපාලන ධාරාවන් යටතේ වුවද රටෙහි ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන කේද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රකයන් පැමිණෙන ස්ථානයක් ද වේ.
මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදු කිරීමේ අත්‍යාවශ්‍යතාවය කිසිලෙසකවත් බැහැර කළ නොහැක.
කෙසේ වෙතත්,අළුත්වැඩියා කටයුතු සඳහා රජය විසින් මෙම වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 200 ක් පමණක් වන බැවින්, මිලියන දහසක මුදලක් වෙන්කර ඇතැයි යන්න මුළුමනින්ම සාවද්‍ය කරුණක් බව අවධාරණය කරමු.
COMMENTS