දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු : තෙල් මිල යලි නඟීද?
Homeගොසිප්

තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු : තෙල් මිල යලි නඟීද?

PropellerAds

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය නදර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ. ජාත්‍යන්තර තෙල් මිල සම්බන...

හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී.
හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී.
'පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි'- එජාප මන්ත්‍රී චතුර සේනාරත්න.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය නදර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ.

ජාත්‍යන්තර තෙල් මිල සම්බන්ධයෙන් වන ප්‍රධාන මිණුම් දණ්ඩ වන  Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලර් 73.48 දක්වා ඉහළ ගිය අතර 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහළම මිල ලෙසින් එය සඳහන් වේ.

මේ අතර එක්සත් ජනපදයේ West Texas Intermediate‍ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 68.47 ක් දක්වා ඉහළ ගියේ, 2014 දෙසැම්බර් 02 න් පසු වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමිනි.

රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් පවසන්නේ සවුදි අරාබිය මෙලෙස තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වී ඇති රාජ්‍යය බවයි. සවුදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගමක් වන Aramco විසින් සිය සුළුතර කොටස් හිමිකම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා අලෙවි කිරීමට සූදානම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලබා ගැනීම සඳහා බොරතෙල් බැරලයක ජාත්‍යන්තර මිල ඩොලර් 80 හෝ 100 දක්වා යාම සවුදියේ අපේක්ෂාව බවත්ය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳාමේ නිරත සමාගම් දෙකෙන් එකක් වන ලංකා අයි ඕ සී සමාගම් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පසුගිය දා පියවර ගත්තේය. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට උත්සුක නොවන බව නිවේදනය කර සිටියේය.

මේ පිළිබඳව කළ විමසීමක දී ආර්ථික විශ්ලේෂකයෙකු වන සංජීව ප්‍රනාන්දු මහතා අද දෙරණ වෙත කියා සිටියේ , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා පාදක කර ගෙන ඇත්තේ බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 62 ක් ලෙස තීරණය කිරීමෙන් බවත්ය. මහ බැංකු අධිපතිතුමන්ගේ ප්‍රකාශයක් පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 62-65 මට්ටමේ පවතිද්දී දේශීය ඉන්ධන මිල ගණන්වල වැඩි කිරීමක් බලාපොරොත්තු නොවන බව ඔහු එහිදී අනාවරණය කර සිටියේය.

කෙසේ වෙතත් අදාළ සීමාවන් මේ වන විට ඉක්මවා ගොස් තිබෙන අතර එහිදී දේශීය වශයෙන් ඉන්ධන මිල වැඩි වීමක් සිදුනොකිරීම ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ ඉහළ යාම කෙරෙහි සෘජුව බලපානු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු : තෙල් මිල යලි නඟීද?
තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු : තෙල් මිල යලි නඟීද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid_dp0bEIZR_eSnIp2O7CL5utVTMFpyOrKcD0QYN_om3OoEfnSGqmxtFvWvaUKJM8uWbuz04dGtoIcJpChnZWrhWReKr15hJytT5rsWrCwAywRFSgCaES2vnNBc_nbm2n7cn212brK-P4/s1600/The-price-of-a-barrel-of-Brent-oil-exceeded-64.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid_dp0bEIZR_eSnIp2O7CL5utVTMFpyOrKcD0QYN_om3OoEfnSGqmxtFvWvaUKJM8uWbuz04dGtoIcJpChnZWrhWReKr15hJytT5rsWrCwAywRFSgCaES2vnNBc_nbm2n7cn212brK-P4/s72-c/The-price-of-a-barrel-of-Brent-oil-exceeded-64.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy