දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති
Homeප්‍රවෘත්ති

සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති

PropellerAds

ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක් වී සිටින්නේ සිංහල ජාතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැ...

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි - කැබිනට් ප‍්‍රකාශක
prasanna ranatunga
Exclusive : කොරෝනා එන්නත අගමැතිට !
සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති

ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක් වී සිටින්නේ සිංහල ජාතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (11) පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක් වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අප ලෝකයේ වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජිවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබද පණිවුඩය ඉතා ඉක්මණින් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා. කොළඹ නගරයෙන් පසු සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන නගරයක් ලෙස නුවර නගරය හැඳින්විය හැකිය. එමෙන්ම සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අරාබි ජාතිකයින්ගෙන් විශාල ප්‍රමාණයක් නුවරට පැමිණෙනවා. නමුත් පසුගිය දිනවල නුවර ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය මත සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙම ගැටලුව පිළිබදව වහා අවධානය යොමු කර නුවර නගරය ඉතා ඉක්මනින සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න යැයි නුවර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය මුල් කරගෙන ත්‍රිරෝද රථ ව්‍යාපාරයේ නිරත වන බොහෝ සිංහල පිරිස් මා සමඟ පවසා සිටියා.”

“මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වන නිසා අදායම් නොමැතිව දින ගණනාවක් ජිවත් වන්නේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. එසේ නම් මේ හරහා විශාල පාඩුවක් වූ බව අප පිළිගත යුතුයි. මෙම ගැටලුව ආරම්භ වුණේ එක් සිංහල රියදුරෙකුට බිමත්ව සිටී මුස්ලිම් තරුණයින් කිහිපදෙනෙකු පහර දීම නිසයි. එම සිදුවීමට අදාළ වරදකරුවන් වහාම නීතිය හමුවට ගෙන එන්නැයි මම පොලීසියට පැවසුවා. වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය සීග්‍ර කළ යුතුයි. ඒ වගේම මේ ගැටලුව ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරනවා. කෙසේ නමුත් මෙම සිදුවීම නුවර ප්‍රදේශයට පමණක් සිමා වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය නුවරින් ආරම්භ වී රට පුරා පැතිර යනු ඇතැයි බොහෝ දෙනා තුළ බියක් ඇතිව තිබුණා. එවැනි සැකයක් අප තුළත් ඇතිව තිබූ බව පැවසීය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. එය නවත්වා ගැනීමට අපට හැකි වුණා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති
සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති
http://am.lk/media/k2/items/cache/c41ba4ede8518997db1525bc87db192e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_998.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_998.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy