දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අගමැති විශ්වාසභංගය සම්මත නම් ආණ්ඩුවම අවසන්' - නීති ප්‍රවීණයන්.
Homeගොසිප්

'අගමැති විශ්වාසභංගය සම්මත නම් ආණ්ඩුවම අවසන්' - නීති ප්‍රවීණයන්.

PropellerAds

කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් අග්‍රාමාත්‍ය...

සංගා ගේ අලුත්ම තේරීම – Renault KWID.
පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය යලි කරලියට.
මෛත්‍රී, UNPයට 'බායි' කියා නාමල්ට 'හායි' කියයි ද?

කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම අවසන්වන බව නීති ක්‍ෂේත්‍රයෝ ප්‍රවීණයෝ පෙන්වාදෙති.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අගමැතිවරයා ඉවත් වීම යනු අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයම ඉවත්වීම බවද ඔවුහු පෙන්වාදෙති.

එසේම අග්‍රාමාත්‍යවරයා ඉවත්ව නව අග්‍රමාත්‍යවරයෙකු පත්වීමේදී නව අග්‍රමාත්‍යවරයාට සුදුසු අමාත්‍යමණ්ඩලයක් පත්කරගැනීමේ අවශ්‍යතාව මතුවන බැවින් එවිට පවතින ආණ්ඩුව වෙනස්වන බවද නීති විශාරදයෝ පවසති.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් වේ.

"පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍යමණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වැනි, 43 වැනි, 44 වැනි සහ 45 වැනි ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙකුද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කළ යුත්තේය."

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසා සිටියේ, "අගමැතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් පැරදුණොත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එතුමා ඉවත්ව යා යුතුයි. ඒ කියන්නේ ඇත්තෙන්ම ඉවත්වෙන්නේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවයි.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අගමැතිගියොත් මුළු ආණ්ඩුවම එතැනින් විසිරිලා යනවා. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සිදුකරන කටයුත්තක්. මේකාරණය 19 වැනි සංශෝධනයෙන් සීමාකරලා නැහැ කියන කාරණය තමයි මගේ අදහස. ව්‍යවස්ථාවේ මූලික සංකල්පය තමයි කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකියනවා කියන කාරණය. කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධානියා අගමැති. අගමැති ඉවත් වුණොත් මුළු කැබිනට් මණ්ඩලයට විසිරයායුතුයි. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය එයයි. ඒ අනුව තමයි අපේ පාර්ලිමේන්තුව සංවිධානය වී තිබෙන්නේ. මේ සම්ප්‍රදායේ වෙනසක් වෙලා නැහැ.  කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු ප්‍රධානියාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වුණොත් එතැනින් ආණ්ඩුව අවසන්වෙනවා.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්‍ෂ මහත්මා ඉවත්වී යෑමත් සමගම ඒ ආණ්ඩුව අවසන්වුණේ මේ සම්ප්‍රදාය අනුවයි. එය සම්ප්‍රදායේ උච්චතම අවස්ථාවක්. මෙය ඇමෙරිකාවෙත්, එංගලන්තයෙත් දකින්නට තිබෙනවා" යනුවෙනි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාරය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා මේසම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.

"අගමැතිවරයා ඉවත්වන ආකාරය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිවම සඳහන්ව තිබෙනවා. අපි දැන් භාවිතකරන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය වෙන්නේ අගමැති නොවෙයි ජනාධිපතිවරයායි. අගමැතිවරයාව පත්කරන්නෙත් ජනාධිපතිවරයායි. නමුත් විශ්වාසභංගයක් පරාජය වීම තුළ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වෙන්න සිදුවෙනවා. ඒ අනුව හිස්වන අග්‍රාමාත්‍යධුරයට පාර්ලිමේන්තුව විමසා වෙනත් අග්‍රාමාත්‍යවරයෙක් පත්කරන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ අනුව මතුවන ඊළඟතර්කය තමයි නව අගමැතිවරයා නොවිමසාජනාධිපතිවරයාට නව කැබිනට් මණ්ඩලයට පත්කරන්න හැකියාවක් නැහැ. ඒනිසා මෙතැන එන තර්කය තමයි අගමැතිතුමා යම් විදිහකට පරාජයට පත් වුණොත් ඊළඟට වෙනදේ තමයි පවතින කැබිනට් මණ්ඩලය ඉබේම අක්‍රීය වෙනවා කියන කාරණය. ඊළඟට පත්වෙන අගමැති ජනාධිපති සමග එකතුවෙලා තමයි කැබිනට් මණ්ඩලය පත්කරන්නෙ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අගමැති විශ්වාසභංගය සම්මත නම් ආණ්ඩුවම අවසන්' - නීති ප්‍රවීණයන්.
'අගමැති විශ්වාසභංගය සම්මත නම් ආණ්ඩුවම අවසන්' - නීති ප්‍රවීණයන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1s2NR8yu0qqxVrdzPlp5-A3wr9uidHrDMNbdI8qCQpzbrcOz_aRNFRxsqa3j3zlz05xlRWP0Uuz61ptVWB30s_ZCmvzlJERse_IvIZg9Paa9FjxlyW3aJPbv-AVJAiFTDElaK4rVlkRQ/s1600/Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1s2NR8yu0qqxVrdzPlp5-A3wr9uidHrDMNbdI8qCQpzbrcOz_aRNFRxsqa3j3zlz05xlRWP0Uuz61ptVWB30s_ZCmvzlJERse_IvIZg9Paa9FjxlyW3aJPbv-AVJAiFTDElaK4rVlkRQ/s72-c/Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy