ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අද (20) අලුයම 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි "සාධාරණත්වය සදහා වූ අරගලය " යන මැයෙන් වෘත්තීය...
ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අද (20) අලුයම 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි "සාධාරණත්වය සදහා වූ අරගලය " යන මැයෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , ශ්‍රී ලංකාවේ සියලුම වරායන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සිට ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල මහතා පැවසීය .
ඔවුන් මෙමගින් ප්‍රධාන ඉල්ලීම් 3 ක් දිනා ගැනීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඉන් පළමු වැන්න තම වෘත්තීය සදහා සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීමයි. දෙවැන්න ඉකුත් 2002 වසර දක්වා පැවති නඩු පැවරීමේ කටයුතු සිදු කළ නීති ඒකකය යළි ස්ථාපිත කිරීමයි.
තෙවැන්න වන්නේ විදේශ රටවල දැනට පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට , දැනට පත් කර ඇති දේශපාලන හිතවතුන් වෙනුවට, වෘත්තීය පරිණතභාවයක් ඇති තම දෙපාර්තමේන්තු නිලධාරීන් අනුයුක්ත කරන ලෙස වූ ඉල්ලීම් තුනයි.
මේ පිළිබඳව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ පැමිණෙන සහ පිටත්ව යන මගීන් දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමක් ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමාන්තරව ක්‍රියාත්මක කරනු ලබයි .
එහෙත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රාජකාරීමය වශයෙන් ගුවන් මගීන්ට බාධා නොවන බවද අරුණ කණුගල සභාපතිවරයා සදහන් කළේය .
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර දැනට මාස 06 ක් පමණ ගත වී ඇති අතර , එයට රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට අකමැත්තෙන් හෝ එළඹීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS