අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය හෙට (24) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් හෙට (24) දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය හෙට (24) යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් හෙට (24) දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කරමින් පැවැත්වෙන විශේෂ බෝධි පූජා සහ පහන් පූජා ඇතුලූ පිංකම් මාළාවට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ද සංවිධානය කොට තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පිණිස පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන හෙට සවස 5.00 ට කොළඹ, සේදවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර අනෙකුත් වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
COMMENTS