කිරිබත්ගොඩ පිහිටි පුද්ගලික බැංකුවකට ගනුදෙනුකරුවෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය ගන්වා මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ...
කිරිබත්ගොඩ පිහිටි පුද්ගලික බැංකුවකට ගනුදෙනුකරුවෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය ගන්වා මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (20)දහවල් 1.40 ට පමණ මෙය සිදුව ඇති අතර කිරිබත්ගොඩ අලුත්පාරට හැරෙන හංදිය අසල පිහිටි පුද්ගලික බැංකුවකට මෙලෙස කොල්ලකරු ඇතුළු වී තිබේ.
ගනුදෙනුකරුවෙකු ලෙසින් පැමිණි මෙම පුද්ගලයා බැංකු කවුන්ටරයේ සිටි බැංකු සේවිකාව හට පිහිය පෙන්වා මෙලෙස බිය ගන්වා මුදල් රැගෙන යතුරු පැදියකින් පළා ගොස් තිබේ.
කොල්ලකන ලද මුදල රුපියල් නව ලක්ෂ පනස් දහසක් බව පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS