ගෑස් කාන්දුවකට ලක් වූ ඒකල කර්මාන්ත ශාලාව වසදැමීමට මේ වනවිට ක්‍රියාකර ඇති අතර සිදුවීමට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවක් කැඳවීමටත් නොසැලකිල...
ගෑස් කාන්දුවකට ලක් වූ ඒකල කර්මාන්ත ශාලාව වසදැමීමට මේ වනවිට ක්‍රියාකර ඇති අතර සිදුවීමට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවක් කැඳවීමටත් නොසැලකිලිමත් ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් කර්මාන්තශලාවේ පාලන අධිකාරියට විරුද්ධව අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ක්‍රියාකරනු ලබන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණවර්ධන මහතා විසින් අද (20) නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
ඒ අනුව කර්මාන්තශාලාව අද දින සිට මාර්තු 22 දින දක්වා වසා දැමීමට ක්‍රියාකර ඇත.
මාර්තු මස 19 දින කර්මාන්තශලවේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් 47 දෙනෙකු හට ඇති වූ ආසාත්මිකතාවයකින් රෝහල්ගත කර තිබුණි.
කර්මාන්තශලාව තුළ පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබෙන යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා භාවිතා කරනු ලබන වාතය සමඟ ක්‍රියාකරන ගෑස් වර්ගයක් ඇති වූ යම් දෝෂයක් මත පිටත වාතය සමඟ මුසු වීමෙන් එම වාතය එහි සේවය කරමින් සිටි සේවකයින් හට ආඝ්‍රහණය වීමෙන් රෝගාතුර වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුව නිසා ඇති වූ ගෑස් කාන්දුව හරි ආකාරව නිවැරැදි කර නැවත යථා තත්ත්වයට පත් කරන තුරු කර්මාන්තශාලාව තාවකලිකව වසා දමන ලෙසට ජා ඇල පොලිස් ස්ථානය මඟින් එම ඇගලුම් ආයතනයේ පාලන අධිකාරියේ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කර ඇතත් එම උපදෙස් නොසළකා හරිමින් අද (20) නැවත සුපුරුදු පරිදි සේවකයින් සේවයේ යොදවා ඇති බවද පොලීසිය පවසයි.
අද උදෑසන 10.00ට පමණ නැවත වතාවක් පෙර දින සිදු වූ ආකරයටම ඇති වූ ගෑස් කාන්දුව මත සේවක සේවිකාවන් 52 දෙදෙනෙකු රෝගාතුර වී ගම්පහ හා රාගම මූලික රෝහල් වෙත ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අතර කර්මාන්තශාලාව වසාදමන ලෙස ඉල්ලා ජා ඇල පොලිස් ස්ථානය මඟින් අද දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වර්තා කර නියෝගයක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවද නිවේදනයේ සඳහන් වෙයි.
COMMENTS