කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ආරක්ෂක හේතූ...
කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ආරක්ෂක හේතූන් මත පසුගියදා 06 වැනිදා සිට එම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.
මේ වන විට එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනතාව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.
තවදුරටත් ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.
මේ අතර හානියට පත් වූ දේපළ ලබන සිකුරාදා වන විට ප්‍රතිසංස්කරණය කිරීමටත් ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) මහනුවර දි පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
අත්හිටුවා ඇති සමාජ ජාල සේවාවන් ආරක්ෂක අංශ උපදෙස් ලැබුණු පසු යළි යථා තත්ත්වයට පත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පැවති කලහකාරි තත්ත්වය හේතුවෙන් පසුගිය 06 වැනිදා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පැනවූ හදිසි නීති තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.
COMMENTS