දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කොමිසමේ බෙදීමක්! නීතිපති උපදෙස් පතයි
Homeප්‍රවෘත්ති

මැතිවරණ කොමිසමේ බෙදීමක්! නීතිපති උපදෙස් පතයි

PropellerAds

ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ...

දුමින්ද යලි උසාවි කැඳවයි
ශ්‍රී ලංකාව ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ 31 වැනි තැනට
අගමැති ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිල (VIDEO)
ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදීයි. 
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනයි.

ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳව වහාම නීතිපති උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබෙනවා.

මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබෙනවා.

මැතිවරණ කොමිසමේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පවතින තත්ත්වය යටතේ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහස වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12කට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී ඇතැයි වාර්තා වනවා.

රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බව මැතිවරණ කොමිසමේ පිරිසකගේ අදහස වී තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කොමිසමේ බෙදීමක්! නීතිපති උපදෙස් පතයි
මැතිවරණ කොමිසමේ බෙදීමක්! නීතිපති උපදෙස් පතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWUfgRQ3SKNQAbka8tq-YGSbMsVHXq26jR10Cs6qjCatJnCG0QD701SLVldFvQmihHbY9rEfMSXSBifZYihi0v4ZbTEU8M518OVvJCBBgbxt34U_SJ-A_lJtfa4gdmUxdCOmbsHR3718Qy_VcOneXYTSh0H0_XI8lbqJlkMR2eUf4rq-i2V0n_fQ/s320/Election_Commision.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWUfgRQ3SKNQAbka8tq-YGSbMsVHXq26jR10Cs6qjCatJnCG0QD701SLVldFvQmihHbY9rEfMSXSBifZYihi0v4ZbTEU8M518OVvJCBBgbxt34U_SJ-A_lJtfa4gdmUxdCOmbsHR3718Qy_VcOneXYTSh0H0_XI8lbqJlkMR2eUf4rq-i2V0n_fQ/s72-c/Election_Commision.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy