වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කමිටුවක් මීට මාස 02කට ඉහතදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර ...
වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කමිටුවක් මීට මාස 02කට ඉහතදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එහි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පෙරේදා (08) පැවැත්වුණි..
මෙහිදී වැවිලි ප්‍රජාවට වැදගත් වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කර සාකච්ඡාවට බදුන් කළ බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
ඒ අනුව ,
- දැනට වැවිලි ප්‍රජාවට ලබා දෙන නිරවුල් ඔප්පු සහිත නිවාස වතුවල ජීවත්වන සෙසු පුද්ගලයින්ට ද ලබාදීම. (ගුරුවරු සහ වෙනත් රැකියාවල නිරතවූවන්ට)
- වතුකරයේ පාසල්වල පුරප්පාඩුව පවතින ගුරු හිඟයට කඩිනම් පියවර ගැනීම.
- වතු පාසල් සඳහා පත්කර ඇති ගුරු සහයකයින්ට කඩිනමින් ස්ථීර පත්වීම් ලබාදීම.
- ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොමැති පාසල් සඳහා වතු සමාගම් වලින් ඉඩම් කැබලි ලබාදීම.
- වතු කම්කරුවන්, කම්කරු දෙපාර්තුමේන්තුව වෙත සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම.
- වතු මාර්ග පද්ධති රජය මඟින් සංවර්ධනය කිරීම.
යන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියහ.
සාකච්ඡාවට බඳුන් කළ කරුණු අදාළ අමාත්‍යාංශ මඟින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගෙන ක්‍රියාවට නැංවීමට නියමිතය.
COMMENTS