‘ශ්‍රී ලංකා මහ බැංකුව‘ වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ...
‘ශ්‍රී ලංකා මහ බැංකුව‘ වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බැදුම්කර වාර්තාව නිකුත් වී මාස ගණනක් ගත වී ඇතත් මහ බැංකුව තවමත් මුදල් අමාත්‍යාංශයට ලබා නොගැනීම නිසා බැදුම්කර වංචාවට දේශපාලන සංදර්ශනයකට වැඩි දෙයක් නොවන බවට ජනතාව තුල සාධාරණ සැකයක් මතු ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් කර තිබේ.
‘මහ බැංකුව‘ මුදල් අමාත්‍යාංශයේ ඉවත් කිරීම තුළින් බැදුම්කර වංචාවට මාර්ගය සකස් විය. මහ බැංකුව වෙනත් අමාත්‍යාංශයක් යටතේ තබා ගැනීමේ ‘විද්‍යාත්මක පරිපාලනයක්‘ ලෝකයේ කොහෙවත් නැත. මහා පරිමාන වංචා දුෂණ සිදුවන විට එහි වගකීම දේශපාලන නායකත්වයට පැවරේ. නමුත්, අදටත් මහ බැංකුව තියෙන්නේ බැදුම්කර වංචාව සිදුවන විට එය පැවති අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේමය. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලබා නොදීම හේතුවෙන් යහපාලන රජයේ දුෂණ විරෝධය ‘මාධ්‍ය සංදර්ශයක්‘ බවට පත්වී ඇත.
මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. අනාගතයේ දවසක නැවත මහ බැංකුව මංකොල්ල කන්නට ඉඩ නොතැබිය යුතුයි. රාජ්‍ය ආයතන තිබෙන්නේ ගජ මිතුරන්නට දන් දෙන්නට නොවේ.
ජනාධිපතිවරයත්, රජයත් බැදුම්කර වංචාවට සැබවින්ම විරුද්ධ නම් මහ බැංකුව වහාම මුදල් අමාත්‍යාංශය යටතට පත් කර යුතුයි.
බැදුම්කර හොරුන් රකින්නට ද්‍රවිඩ ජාතික සන්ධානය මේ වන විට විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. දෙමළ භාෂා පරිවර්තනය නොමැති බැවින් බැදුම්කර විවාදය කල් දැමිය යුතු බවට සුමන්දිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවට නිසා බැදුම්කර විවාදය කල් දමා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු - නැගෙනහිරට පමණන් නොව රටම නියෝජනය කිරීමේ වගකීම දැරිය යුතුයි. රටට භාෂා ප්‍රතිපත්තිය වැදගත් බව ත් එයට ගරු කළ යුතු බවත් අප සංවිධානය අවධාරණයෙන්ම පිළිගන්නවා. නමුත්, හොරුන් රකින්න, හොරුන් බේරන්න ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොටසක් ඉදිරිපත්වන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම හෙළිදරව් කළ යුතුයි. !“
මාධ්‍ය ඒකකය/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
COMMENTS