ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා පත්වී තිබේ. නගරාධිපති ධූරය තේරීම සඳහා රහස් ඡන්දයක් පවත්...
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා පත්වී තිබේ.
නගරාධිපති ධූරය තේරීම සඳහා රහස් ඡන්දයක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රියන්ත සහබන්දු මහතාත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජිලිත් නිශාන්ත මහතා තරඟ වැදී තිබේ.
එම රහස් ඡන්දයේදී ප්‍රියන්ත සහබන්දු මහතා ඡන්ද 20 ක් හා ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11 ක් ලබාගෙන තිබේ.
ගාල්ල මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ආසන 14 ක් ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13 ක් දිනා ගැනීමට සමත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහනගර සභාවේ බහුතරබලය එක්සත් ජාතික පක්ෂයට හිමි විය.
එහිදී එම නගර සභාවේ මන්ත්‍රීධූර 35න් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 14ක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් මන්ත්‍රීධූර සංඛ්‍යාව 13ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට එහිදී මන්ත්‍රීධූර 03 බැගින් බෙදී ගිය අතර සෙසු පක්ෂ මන්ත්‍රීධූර 02ක් හිමුකරගනු ලැබිය.
ලන්සා මීගමු නගරාධිපති වෙයි
මීගමුව නගර සභාවේ නගරාධිපති ලෙස දයාන් ලාන්සා මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
පොදුජන පෙරමුණ නියෝජනය කල ලාන්සා මහතා ලබාගත් ඡන්ද සංඛාව 25 කි.
ඊට එරෙහිව තරගකල එජාප අපේකෂක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබා ගත් ඡන්ද සංඛාව 19 කි.
ලංසා අනුග්‍රහය දැක්වූ ස්වාධීන කණ්ඩායම් දෙකක් වන මාළුවා සහ සරුංගලේ සහයෝගය පමණක් නොව කෙහෙල් ඇවරියේ මන්ත්‍රීවරයාගේ සහයෝගයද ලංසාට හිමිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහනගර සභාව ජය ගැනීමට සමත්වූයේ එක්සත් ජාතික පක්ෂය විසිනි.
මීගමුව මහනගර සභාවේ කොට්ටාශ 29 යෙන් 19 ක්ම එක්සත් ජාතික පක්ෂය ජයගත්තද නව මැතිවරණ ක්‍රමය අනුව ආසන බෙදීගොස් තිබුණේ පහත අයුරිනි.
එ. ජා. පක්ෂය ඡන්ද 32,045 40.34% ආසන 19
පොහොට්ටුව ඡන්ද 26,129 32.9% ආසන 16
ශ්‍රී. නි. පක්ෂය 9,661 12.16% ආසන 6
JVP 4,971 6.26% ආසන 3
ACMC (මොනරා) 2,224 2.8% ආසන 1
කෙහෙල් ඇවරිය 2,053 2.58% ආසන 1
ස්වාධීන (මාළුවා) 884 1.11% ආසන 1
ස්වාධීන (සරුංගලේ) 795 1% ආසන 1
මුළු සාමාජිකයන් 48
වලංගු ඡන්ද 79,428
ප්‍රතික්ෂේප වූ ඡන්ද 1,465
මුළු ප්‍රකාශිත ඡන්ද 80,893
COMMENTS