ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අද(20) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූ...
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අද(20) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ(19) රාජාංගනය ගොවි සංවිධාන කාර්යාලයේ දී පැවති උත්සවයකට එක් වෙමිනි.
මෙතෙක් කිසිදු පරීක්ෂණයක් තුළින් ග්ලයිෆොසෙට් සියයට සියයක් විෂ බවට හෝ එය ඍජුව වකුගඩු රෝග සඳහා බලපාන බවට ඔප්පු වී නොමැති බැවින් මෙම තීරණයට එළඹි බව ද ග්ලයිෆොසෙට් පොහොර ලෙස භාවිතා කිරීමේදී සැලකිය යුතු අහිතකර බලපෑම් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
දියුණුවන රටවල් පවා මෙය පරිහරණය කරන බවත්, ග්ලයිෆොසෙට්වලට වඩා විෂ සහිත දේවල් ලංකාව තුළ ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් එහි ප්‍රමිතිය පිළිබඳ රජය නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත්, තේ කර්මාන්තයේ නියැලෙන පිරිස් මෙය නැවත පරිහරණයට ගැනීමට ඉල්ලිම් කළ බවත් මෙය කිසි විටෙකත් දේශපාලනික තීන්දුවක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
ගොවින්ට පොහොර සහනාධාරය ලබාදීමේදී කිසි විටෙකත් මුදල් ලබාදීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
COMMENTS