මේ වන විට රටේ ප්‍රදේශ කිහිපයක පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය තිරණය කර ඇත. මේ සඳහා ව...
මේ වන විට රටේ ප්‍රදේශ කිහිපයක පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය තිරණය කර ඇත.
මේ සඳහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත. දින 10කට බලපාන පරිදි මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඇමතිවරුන් අතර පැවැති හමුවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.
රටතුළ නීතිය හා සාමය ස්ථාපිත කිරිමේ අපේක්ෂාවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.
ගැටුම් ගැන පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට ක්‍රියාත්මක වෙයි.
පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතුවලින් බැහැරව මෙම කල් තැබීමේ විවාදය පැවැත්වෙයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එමින් පැවැසුවේ ජාතිවාදී ගැටුම් සඳහා වගකිව යුත්ත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.
COMMENTS