විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටළු විසදීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) කැඳවු සාකච්ඡාව අසාර්ථක වු බව විශ්වවිද්‍යාල අ...
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටළු විසදීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) කැඳවු සාකච්ඡාව අසාර්ථක වු බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.
අනධ්‍යයන සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් පසු අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යංශය සමග ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුව එක්ව මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡාවක් සිදු කරන බවට එහිදී ඔවුන්ට පවසා ඇති අතර වෘත්තිය සමිති ඊට එකඟතාව පළ කර නොමැත.
වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹ දින 17 කට පසුව ලබා දුන් එකම සාකච්ඡාව අද (16) පෙරවරුවේදී මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර එය අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වු දඩල්ලගේ මහතාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කම්කරු සබඳතා සහකාර ලේකම්වරයා ගේ මැදිහත්වීමෙන් කම්කරු සබඳතා සහකාර ලේකම්වරුන්ගේ සංසදයේ මැදිහත්වීමෙන් පැවැත්විණී. සිය ගැටළු වලට නිසි විසඳුමක් නොමැති නිසා ඔවුන් වර්ජනය දිගටම පැවැත්වීමට තීරණය කර ඇත.
COMMENTS