මාලබේ - චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් මිය ගිය ...
මාලබේ - චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා කොන්ත්‍රාත්කරුවෙකු බවත් ඔහු මුල්ලේරියාව - හිඹුටාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (46) ක පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා තම වාහනය මාර්ගයේ නතර කර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පා ගමනින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහුගේ මළ සිරුර මේ වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇති බව පොලිසිය කීය.
COMMENTS