දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'සමාජ මාධ්‍ය තහනම අද ඉවතට' - හරීන්.
Homeගොසිප්

'සමාජ මාධ්‍ය තහනම අද ඉවතට' - හරීන්.

PropellerAds

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  ඩේ...

නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු
චාවකච්චේරි අනතුරින් මියගිය මිල්ලනියේ දස දෙනෙකු එකම වළක අවසන් ගමන ගිය හැටි
රනිල්ගේ අලුත්ම සේල්ස් රෙප් රස්සාව (බදාදා කාටූන්)

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  ඩේලිමිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සාමාජ මාධ්‍ය ෆිල්ටර් කිරීම (පාලනය) ගැන අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මේ වන විට ෆේස්බුක් සමාගම හා සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

තීරණයක් ගෙන නෑ

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරයෑම හේතුවෙන් පනවනු ලැබූ සාමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආ‍ණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති ලේකම්ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටතුළ ජාතීවාදී, ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්‍ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සඳහන්කළේය.

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී සිදුවීම් උත්සන්නවීම හේතුවෙන් පසුගිය 07 වැනිදා සිට සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය තීරණය කළේය.

මේසම්බන්ධවයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා,

"අපි තාම ඒ ගැන තීරණයන් අරගෙන නැහැ. ලංකාවේ මොකද වෙන්නේ කියලා අපි තව පොඩ්ඩක් බලනවා. මොකද එකපාරටම එක එක  සිදුවීම් මතුවෙනවා. වී.පී.එන්. (VPN) හරහා සමාජාලවලට ඇතුළු වෙනවා කියලා අපට වාර්තාවෙලා තිබෙනවා. තහනම ඉවත්කරන දිනයක් නැහැ. අනාගතයේ යථාකාලයේදී එය සිදුකරනවා.

ජාතිවාදී, ආගම්වාදී සහ අසත්‍ය තොරතුරු සමාජගතකිරීමේ භයානක තත්ත්වයක් තිබෙන බවට රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවලින් සහ පොලිස් වාර්තාවලින් ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තාවුණ නිසා තමයි රජය මේවිදියට සමාජ මාධ්‍ය අවහිරකිරීමට තීරණය කළේ. එහෙම නැතිව කිසිම හේතුවක් නැතිව සිදුකළ කටයුත්තක් නෙවෙයි. එහෙම පිස්සු වැඩ කරන්න අපට අවශ්‍යතාවන් නැහැ. රටතුළ එවැනි තත්ත්වයක් නැතිබවට ආරක්‍ෂක අංශ විසින් නැවතත්  වාර්තාකළ පසුව අපට ඒ ගැන සලකා බලන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ජාලා පාලනය (FILTER)


යම් දෙයක් සම්බන්ධයෙන් මැනුවලි ෆිල්ටර් කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් යෝජනා ඇවිත් තිබෙනවා. ඒනිසා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව රැස්වෙලා අපි මේගැන සාකාච්ඡා කරන්න තීරණය කළා. මටත් ෆේස්බුක් නැහැ. මටත් වයිබර් නැහැ. මේ තහනම ඉවත්කරනවා නම් මමත් කැමතියි. ඒනිසා මේගැන අපි අධ්‍යයනයක් කරනවා" යැයි පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සමාජ මාධ්‍ය තහනම අද ඉවතට' - හරීන්.
'සමාජ මාධ්‍ය තහනම අද ඉවතට' - හරීන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKPUybb9q6gOh3Oeg7kiWsfHVmcmV0wiwTYhq9CvLydAlp5mtKEzDibwyoNSwLlVf8MXBSQTS9MTTaWZCpI9rG5b4PtAz5QCEaVjYLo8ka9famUQnlHoizwTFlwlvhz5gEhnwiEwKvwM8/s1600/BTI31019_fmt1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKPUybb9q6gOh3Oeg7kiWsfHVmcmV0wiwTYhq9CvLydAlp5mtKEzDibwyoNSwLlVf8MXBSQTS9MTTaWZCpI9rG5b4PtAz5QCEaVjYLo8ka9famUQnlHoizwTFlwlvhz5gEhnwiEwKvwM8/s72-c/BTI31019_fmt1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_432.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_432.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy