දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!

PropellerAds

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව සහ එය තමන්ට පැහැදිලි බව ‘ශ්‍රී ලංකාවේ වර්තමාන...

මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…
සම්පත් බැංකුව ගැන මහ බැංකුවට පැමිණිල්ලක්: යසිරුව පොලිසි ගෙනියයි
චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…
මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව සහ එය තමන්ට පැහැදිලි බව ‘ශ්‍රී ලංකාවේ වර්තමාන (ආර්ථික) අර්බුදය’ මැයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

පාලනයට එරෙහිව නැඟෙන සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය තම සංගමය අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති නිසා බව ඔවුන් පවසයි.

එම නිවේදනය මෙසේය.

“ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි.

තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි.

මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය.

මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය.

මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි

.දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි.

මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි.

රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මෙම අවදානම් සමයේදී මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය වීම සදහා අප සංගමය බැදී සිටින බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!
ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdtTUiuupcEUA7LG-OMN3e6inupjvUCkS5GVgxoY4CO2FbM11ncJ2oc2WZ1BNWhKlqOV4jAgmFCjwhAfXvvtRnyk43nOyY-nSKj8Vx4l0v01KTsrLb3HmDzn97sV_qNw5Z_6wS81SEab0dnCFLDalQH4Kb06xlgszWXYdMVL90-FsR4o72ZT3ay4GWfA/w320-h165/association-of-medical-specialists.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdtTUiuupcEUA7LG-OMN3e6inupjvUCkS5GVgxoY4CO2FbM11ncJ2oc2WZ1BNWhKlqOV4jAgmFCjwhAfXvvtRnyk43nOyY-nSKj8Vx4l0v01KTsrLb3HmDzn97sV_qNw5Z_6wS81SEab0dnCFLDalQH4Kb06xlgszWXYdMVL90-FsR4o72ZT3ay4GWfA/s72-w320-c-h165/association-of-medical-specialists.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy