අද (11) දිවුරම් දෙන බවට ඊයේ ප්‍රකාශ වුණු කැබිනට් මණ්ඩලය පත් කිරීම දින නියමක් නැතිව කල් යන තැනට තල්ලු වී තිබේ. ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ ව...
අද (11) දිවුරම් දෙන බවට ඊයේ ප්‍රකාශ වුණු කැබිනට් මණ්ඩලය පත් කිරීම දින නියමක් නැතිව කල් යන තැනට තල්ලු වී තිබේ. ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් රහිතව කැබිනට් මණ්ඩලය නම් කරන්නට උත්සාහ කරද්දී නාමල් රාජපක්ෂ දැඩිව ක්‍රීඩා ඇමතිකම ඉල්ලා සිටීමත්, පොහොට්ටුවේ පක්ෂ අභ්‍යන්තර බහුතරය මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්වීමට එරෙහි වීමත් නිසා මෙම අර්බුදය පැන නැගී ඇතැයි වාර්තා වේ.
.පොහොට්ටුවේ බහුතරය ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා ධුරයේ සිටියහොත් ආණ්ඩුව බේරාගෙන මධ්‍යස්ථ තැනක සිට යළි වැඩ පටන් ගත හැකි බවය.
අගමැතිවරයා සමග ඇති මානුෂික බැඳීම හේතුවෙන් දැනට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටිනා නිමල් ලන්සා වැනි මන්ත්‍රීවරුන් පවා විශ්වාස භංගයේ දී ආණ්ඩුවට දිනා ගැනීමට හැකි වන්නේ අගමැතිවරයා ධුරයේ රැඳී සිටියහොත් පමණක් බව පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දී ඇත.
මෙම වාතාවරණයේ දී කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධව යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් එම ගැටලු විසඳා ගන්නා තෙක් විවිධ මට්ටමේ සාකච්ඡා පක්ෂ අභ්‍යන්තරය තුළ සිදුවන බවය.
මෙම ගැටලු නිරාකරණය කරගෙන හැකි ඉක්මනින් අවසන් තීරණයකට එළඹෙන බව කී මහලේකම් වරයා ආණ්ඩුව ආණ්ඩුවෙන් ගිලිහී ගිය පාර්ශව සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බව කීවේය.
මේ තත්වය තුළ නම් කර ඇති ඇමති මණ්ඩලය පත් කරගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයා විසින් ගාමිණි ලොකුගේ සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළු කීප දෙනෙකුට අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමට සූදානම්වන ලෙස ඊයේ නොනිල වශයෙන් දන්වා තිබුණු බව වාර්තා විය.

COMMENTS