ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසන සංවිධායක අමරසිරි කුරුවේගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද(06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසන සංවිධායක අමරසිරි කුරුවේගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද(06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට යවා තිබේ.
මේ ආකාරයට ඉල්ලා අස්වන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් හෙතෙම දන්වා ඇත.
රත්ගම මැතිවරණ කොට්ඨාසයේ වසරක කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කළ ඒ මහතා දකුණු පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
තමා මේ ආකාරයට ඉල්ලා අස්වන්නේ පුද්ගලික හේතුවක් මත මිස වෙනත් හෙතුවක් මත නොවන බවද එම ලිපියේ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2017 පෙබරවාරි මාසයේ අමරසිරි කුරුවේගේ මහතා සංවිධායක ධුරයට පත්ව තිබේ.
මීටපෙර රත්ගම ශ්‍රි.ල.නි.ප ආසන සංවිධායක ලෙස 1996 වසරේසිට කටයුතුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාය.
ඒ මහතා පොදු ජන පෙරමුනට එක්වීමත් සමඟ සංවිධායක ධූරයෙන් ඉවත් කෙරුණි.
COMMENTS