දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි.
Homeගොසිප්

ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි.

PropellerAds

ඉරිදා දින උදය වරුවේ බෞද්ධ ඇතුළු සියලු ආගම්වල දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර...

බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ එජාපය බවට, ශ්‍රීලනිපයෙන් චෝදනා.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.

ඉරිදා දින උදය වරුවේ බෞද්ධ ඇතුළු සියලු ආගම්වල දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරණ බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී බෞද්ධ උපදේශන සභාව රැස් වු අවස්ථාවේදීය.

මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කරන්නේ අනෙකුත් සියලු ආගම්වලට අදාළ වගකීම් උසුලන අමාත්‍යවරුන්ගේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා සමගින් බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

එහිදි සියලු ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

බෞද්ධ උපදේශන සභා රැස්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිවුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ , අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ,පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය පාද එල්ලාවල නායක ස්වාමීන් වහන්සේ, කොළඹ නවකෝරළයේ හා නවතොටමුනේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ උපදේශක සභාවේ සමාජික නායක ස්වාමින් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි.
ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjudsNSqEsfPMME14gag2ybYjr72YXY3eCOzdA9eaXeNvUJu1Q0vWSoyGdnu-yVxuGW1KniChOcyCyK9azdERg46D1_COsGro0q8mEJFma2kZPUzhTH_98Z2mm-SU5xbaxQS8_yr1tK0gA/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjudsNSqEsfPMME14gag2ybYjr72YXY3eCOzdA9eaXeNvUJu1Q0vWSoyGdnu-yVxuGW1KniChOcyCyK9azdERg46D1_COsGro0q8mEJFma2kZPUzhTH_98Z2mm-SU5xbaxQS8_yr1tK0gA/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_252.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_252.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy