දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.
Homeගොසිප්

ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.

PropellerAds

වත්මන් පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් රුපියල් බිලියන 38ක ණය කන්දරාවක් සහිත ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් මාසිකව වැටුප් ගෙවිම සඳහ...

දරුවන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ වලින් තහවුරු වූ පුනර්භවය පිළිබඳ තොරතුරු
ඥානසාර හිමිට හෙට (4) ජනපති සමාව ලැබෙන බවට ආරංචි
Raigam Tele'es 2018 Nomination Evening

වත්මන් පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් රුපියල් බිලියන 38ක ණය කන්දරාවක් සහිත ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් මාසිකව වැටුප් ගෙවිම සඳහා බැංකු අයිරාවන් ලබා ගැනීමට සිදුව ඇති තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සුරැකීමේ සංවිධානය නමින් ජනාධිපතිවරයා වෙත යැවුණු ලිපියක මේ බව සඳහන් වෙයි.

දුෂිත නිලධාරීන් අරක්ගෙන

එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 2017 වසරේ ටෙලිකොම් ආයතනයට ලැබිය යුතු විදේශ වත්කම් ආදායමෙන් බිලියන 1.5 ක මුදලක් හොර රහසේ තමන්ගේ ගිණුමට බැරකර ගැනීමට ආයතනයේ ඉහළ නිලධාරියෙකු කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ වාර්ෂික ලාභය බිලියනයකටත් වඩා අඩුවී ඇත.

එසේම ටෙලිකොම් ආයතනයේ සේවකයන් සඳහා ලබා දුන් සිව් මසක වැටුපක් වූ ප‍්‍රසාධ දීමනාව එක් මසක වැටුපක් දක්වා අඩු කරන්නට කටයුතු කර ඇති අතර ඊට හේතුවී ඇත්තේ ආයතනයේ උද්ගතව ඇති මුල්‍ය අර්බුදය බව සඳහන් කරන එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ටෙලිකොම් ආයතනයේ දෛනික කටයුතු කොන්ත්‍රාත් පදනම මත වෙනත් පුද්ගලික අංශ වෙත ලබා දීම සහ ටෙලිකොම් ආයතනයේ ඉහල නිලධාරීන් සිදුකරන මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් බරපතල මුල්‍ය අර්බුදය මතුවී ඇති බවය.

මේ බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සුරැකීමේ සංවිධානය සඳහන් කර සිටින්නේ වසර 150 කට වඩා පැරණි ශ්‍රී ලංකා ටෙලිකොම් ඉතිහාසයේ කිසිම දිනක මෙවන් දුර්වල තත්ත්වයකට මෙම ආයතනය පත්ව නොමැති බවය.

ප්‍රධාන විධායක නිලධාරියෙක් තවමත් නෑ

එසේම විධායක නිළධාරි දිලීප විජේසුන්දර සේවයෙන් ඉවත්කරලීමට දුෂිත ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු කටයුතු කල බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහෝදරයා වන ආයතනයේ සභාපතිවරයාද සහය ලබාදුන් බව සේවකයින්ගේ විශ්වාසය වන බවය.

ජනවාරි මස 01 දා සිට මාර්තු 31 වෙනිදාට පෙර නව විධායක නිළධාරිවරයකු පත්කර ගැනීම සඳහා සේවකයන්ට පොරොන්දු ප‍්‍රකාශයක් ආයතනය තූල ප‍්‍රචාරයකර සිටි නමුත් මේ වන තුරු ඒ වෙනුවෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බවත් එම ලිපියේ සඳහන්කර තිබේ.

රාජපක්ෂ හිතවාදීන්ගේ හුරතලේ

කෙසේ වුවත් තවද පරිපාලනයේ වන දුර්වලතා මත මේ වන විට ආයතනයට ලැදිව අවංක සේවයක් සිදුකළ ඉහළ නිලධාරීන් ඇතුළු සේවක පිරිස් එම තනතුරු වලින් ඈත්කර ඇති බවත් එම නිලතල සඳහා රාජපක්ෂ හිතවාදී නිලධාරීන් එක්කර තිබෙන බවද සඳහන් එම ලිපිය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටින්නේ පෙබරවාරි 10 වෙනිදෑන් පසුව ජනාධිපතිවරයා මහජනතාවට මාධ්‍ය හරහා පොරොන්දු වූ වෙනස ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයෙන් ආරම්භ කරන ලෙසය.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මතුව ඇති මුල්‍ය අර්බුදය මෙන්ම පරිපාලනයේ කඩාවැටීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත යවා ඇති එම ලිපිය අවසන් කර ඇත්තේ "පවුල් පාලනයට එරෙහිව යහපාලනයක් ගොඩනැගු ඔබ මේ මොහොතේ සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගෙන කටයුතු කරනු ඇතැයි අපි මද මොහොතක් ඔබ ගැන විශ්වාසයෙන් නෙත් අයා බලා සිටින්නෙමු" යනුවෙනි.

මේ අතර ආයතනයේ කාලයක සිට පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ටෙලිකොම් පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති සුදානමක් පවතින බවද වාර්තා වෙයි.

මේ බව සඳහන් කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ ආයතනයේ සිදුවන අකටයුතුකම් සහ පවතින අඩුපාඩු සම්බන්ධව පශ්න කරන වෘත්තීය සමිති මර්ධනය කිරීමට ටෙලිකොම් ආයතනයේ මානව සම්පත් කළමණාකාරීවරිය කටයුතු කරමින් සිටින බවත් ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමටද ලක් කොට තිබෙන බවත්ය.

එසේම ටෙලිකොම් ආයතනයේ සේවකයන්ට පසුගිය වසරට අදාල ප්‍රසාද දීමනා පවා නොගෙවා ඇති බවත් මෙම වසරට අදාල 10% වැටුප් වර්ධකයෙන් අඩක් පමණක් ගෙවීමට කටයුතු කර ඇති බවත් මේ ආකාරයට ටෙලිකොම් ආයතනයේ පවතින ගැටළු නිරාකරණය කිරීමට ජනපති හෝ අගමැතිවරයා මැදිහත් නොවන්නේ නම් තමන් නියත වශයෙන්ම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.
ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivBbbhujjPvo_wnT0eOifWeCkf-404Ue0fWJtmwWraluqjG_GiBVgIzVhKteHqx2ONpZHhBRcOgotUGh-U0ZWtefqiEN7c-fGgxPN8C10L5fksq74TE1Vfp6eMX6F2_uy374Saj8PXook/s1600/business-07th-Apr-2014.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivBbbhujjPvo_wnT0eOifWeCkf-404Ue0fWJtmwWraluqjG_GiBVgIzVhKteHqx2ONpZHhBRcOgotUGh-U0ZWtefqiEN7c-fGgxPN8C10L5fksq74TE1Vfp6eMX6F2_uy374Saj8PXook/s72-c/business-07th-Apr-2014.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy