මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගම්වලට පවරා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. ...
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගම්වලට පවරා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.
ලංකාව පුරා සිදු කරන මිනුම් කටයුතු සඳහා විදේශීය තාක්ෂණය, උපකරණ සහ වාහන පමණක් යොදා ගන්නා අතර දේශීය මිනුම්දෝරුවන් මැනුම් කටයුතු සිදු කරන බව ඇමැතිවරයා කීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23 (02) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීවේය.
‘මිනුම්කරණ දත්ත රහසිගත දත්ත නොවෙයි. ඒවා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව කළමනාකරණය කරනවා. විදේශයන්ට අපේ ජාතික ආරක්ෂාවට බලපාන කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමඟ ආණ්ඩුව සාකච්ඡා කරනවා. අපි බොහොම හොඳට ඇහුම්කන් දීලා හැමෝගෙම අදහස් අරගෙන වෘත්තීය සමිතිවල වෘත්තීය ක්‍රියාමාර්ග නතර කළා.” යැයි ඇමැතිවරයා කීවේය.
COMMENTS