දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අණින් මජර ව්‍යාපාරිකයන් ගැන ආරක්ෂක අංශවල අවධානය!
Homeප්‍රවෘත්ති

ජනපති අණින් මජර ව්‍යාපාරිකයන් ගැන ආරක්ෂක අංශවල අවධානය!

PropellerAds

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තවත් විශේෂ මෙහෙයුමක් ආරම්භ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ප්‍රබල ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටියද මත...

13න් බලය බෙදනකොට අපි ඉන්දියාව අනුගමනය කල යුතුයි - වික්ටර් අයිවන්
කුවේටයේ දී ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරා දමයි! මරාදැමූවන් අතර විදෙස් ජාතිකයින් තිදෙනෙක්!
ක‍්‍රිකට් ගැහිලි, දිරිගැන්නිලි සියල්ල එලියට.. ඔසී ගමනේ විඝණන වාර්තාව මෙන්න
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තවත් විශේෂ මෙහෙයුමක් ආරම්භ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ප්‍රබල ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටියද මතුපිට තලයේ පෙනෙන්නට ව්‍යාපාර නොකරන තැනැත්තන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බව සඳහන්.

සැබෑ ලෙසම ව්‍යාපාර සිදුකරන්නන්ගෙන් රටට සිදුවන්නේ සේවයකි. ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම මෙහි ව්‍යවසායකයන්ගේ රැකියා අවශ්‍යතාවද ඉටු වෙයි. එය පෙරළා සමාජයට සිදුවන සද්කාර්යයකි.

එහෙත් මේ ව්‍යපාර නාමයට මුවා වී නීති විරෝධී කටයුතුවල යෙදෙමින් ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් සාදාගත් කොටසක්ද වෙයි.

ඇතැමුන් දැවැන්ත  ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටියද සැබෑ ලෙසම ඔවුන් ව්‍යාපාරික ලෝකයේ නිල ව්‍යාපාර නොකරන තැනැත්තන්ය. එහෙත් ඔවුන් රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින අතර ඔවුන් විශේෂයෙන් ඇසුරු කරන්නේද දේශපාලන අධිකාරයන්ය. ඉහළ තලයේ නිලධාරීන්ය. උදාහරණයක් ලෙස ඉදිරි පෙළ ඇතැම් පොලිස් නිලධාරීන් දැක්විය හැකිය.

ආණ්ඩු බලය කුමන පැත්තට හැරුණද ඔවුන්ට එහි කිසිදු ගැටළුවක් නොවන අතර ඕනෑම බල දේශපාලන කණු හෙළවීමට මේ "ව්‍යාපාරික පන්තිය" සමත්ය.
පැවති සමස්ත දේශපාලන සංස්කෘතිය විසින් ඔවුන් වැඩි වැඩියෙන් පෝෂණය කළ අතර නොමද ආරක්ෂාව ද  ලැබුණි. මජර දේශපාලන සංස්කෘතිය ඔවුන්ව තවදුරටත් සුරක්ෂිත කළා වින එය නිවැරදි කිරීමට පියවර ගැනුණේ නැත.

සැබෑ ලෙසම එය පහසු කටයුත්තකද නොවේ. එහෙත් එයට තිත තැබීමේ නොහැකියාවක්ද නොවේ. වත්මන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති එම මෙහෙයුම විසින් එකී නොහැකියාවක් නැති බව පෙන්වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වෙයි.

 හිතේ හැටියට මුදල් වියදම් කිරීමේ හැකියාව එම ව්‍යාපාරික පන්තිය සතු වන අතර ආහාර ගැනීම, විවේකය ගත කිරීම වැනි කාර්යයන් කරන්නේද ප්‍රමුඛ පෙළේ හොටල්වලය. එය ඇතැම් විට දේශීය විය හැකිය. නැත්නම් මේ දූපතෙන් එපිටය. එයද තනිව නොවේ. දේශපාලකයන් හා විශේෂයෙන් ඉහළ පොලිස් නිලධාරීන් සමඟය.

ඇතැමුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේද විදෙස්ගත්වය. බොහෝ දේශපාලකයන් මෙන්ම පොලිස් නිලධාරීන් නඩත්තු කරන්නේ මෙකී පුදුම ව්‍යාපාරිකයෝය.

පසුගිය යහපාලන ආණ්ඩුව පවා එම මජර ව්‍යාපාරිකයන් විසින් ඩැහැ ගෙන තිබුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට සිරිසේන සහෝදර සමාගමත් එජාපයත් එම මජර ව්‍යාපාරිකයින් තමන්ගේ ග්‍රහණයට ගෙන තිබුණි.

කප්පම්කරුවන්, පාතාලය නියෝජනය කරන්නන්,මත් ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් වැනි මේ මජර ව්‍යාපාරිකයන් රටට කළ හොඳක් නැත. මෙරට දේශපාලනයට පාතාලය කොතරම් ඥාතීත්වයක් දැරුවේද යන්න විශේෂ පැහැදිලි කිරීමක්  අවශ්‍ය නොවේ. රට කුඩු තිප්පොළක් වූයේද මෙවැනි සංස්කෘතියක් රට තුළ පෝෂණය වීම හේතුවෙනි. එය ඔවුන්ගේ බල මහිමය විසින් අඛණ්ඩව පවත්වාගෙන යමින් හිඳියි.

විශේෂයෙන් මෙම ප්‍රධාන මජර ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් වෙසෙන්නේ විදෙස්ගතව වන අතර රට තුළ සිටින්නේ ඔවුන්ගේ නියෝජිතයින් වීමද තවත් කරුණකි.

එහෙත් කුමනාකාරයකින් හෝ එහි ගොදුරක් වීමට වත්මන් ජනාධිපතිවරයා සූදානම් නැති අතර ඒ නිසාම ඔහු මුණගැසීම ඇතැම් මජර ව්‍යාපාරිකයන්ට දැන් අතිශය දුෂ්කර කටයුත්තක වී ඇති බවද වාර්තා වෙයි. බාහිර පුද්ගලයන් හමුවීම අතිශය සීමා සහිතව සිදුකිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට මේ මජර ව්‍යාපාරිකයන්ද හේතුවක් වී ඇති බව සඳහන්.

ඔවුන් මුහුණට මුහුණ මුණ නොගැසෙන තරමට ජනාධිපතිවරයාට මජර සංස්කෘතියෙන් ගැලවිය හැකිය.

බොහෝ දෙනෙකුට මෙම තත්ත්වය අතිශය කම්පාව ගෙන දෙන්නක්  තත්ත්වයක් වුවත් කිසියම් මොහොතක හෝ එම සංස්කෘතිය සහසුද්දෙන්ම සෝදාපාළුවට ලක්විය යුතුය.

එහෙයින් වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම මෙහෙයුමෙන් පලායාම නම් මජර ව්‍යාපාරිකයන්ට අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අණින් මජර ව්‍යාපාරිකයන් ගැන ආරක්ෂක අංශවල අවධානය!
ජනපති අණින් මජර ව්‍යාපාරිකයන් ගැන ආරක්ෂක අංශවල අවධානය!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeJH4jCNci-sRBuCkTmwFOvj7lNy3vw2QYcHBlMUTVQhM9M7aqccxE8V1PTZpQtw6OS6WCqrQLW6hZqyZG4TuP5wM6e9eDoI0n87vpGZSNyahxeBi6b6wZCGhNpryg2h6AB9ITzWkqPToY/s320/big-biz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeJH4jCNci-sRBuCkTmwFOvj7lNy3vw2QYcHBlMUTVQhM9M7aqccxE8V1PTZpQtw6OS6WCqrQLW6hZqyZG4TuP5wM6e9eDoI0n87vpGZSNyahxeBi6b6wZCGhNpryg2h6AB9ITzWkqPToY/s72-c/big-biz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_919.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_919.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy