දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දේශීය කර්මාන්ත යටපත්වන ලෙස විදේශ ආයෝජනවලට ඉඩ නැහැ' : ජනපති
Homeගොසිප්

'දේශීය කර්මාන්ත යටපත්වන ලෙස විදේශ ආයෝජනවලට ඉඩ නැහැ' : ජනපති

PropellerAds

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ ...

පූර්ණිකා එක්ක කිසිම සම්බන්ධයක් නෑ මං විවාහ වෙන්න හිතලවත් නෑ - පේෂල
සයිටම් අවශ්‍යද ? නැද්ද? මහජන මතයට විවෘතයි
ජනපති නිවසට රස්සාවක් හොයාගෙන ආ තරුණයා

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

දේශීය කර්මාන්තකරුවන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

රටක නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර සහ දේශීය කර්මාන්ත ශක්තිමත් වූ විට බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා දේශීය කර්මාන්තවල ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණ ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම පොදු ජනතාවට සහන සැලසීමේදී ද දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගනිමින් එහි උන්නතිය සදහා ගතයුතු තීන්දු, තීරණ රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර දේශීය කිරිපිටි කර්මාන්තය, දේශීය බිස්කට් කර්මාන්තය මෙන්ම දේශීය රථවාහන නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමට අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු විය. එමෙන්ම දේශීය ආයුර්වේදය කෙරෙහි එල්ලවී ඇති බලපෑම් සහ එහි උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදේශීය සිල්ලර වෙළෙඳසැල් ජාලයකට ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට අවසර ලබාදීම හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයින්ට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත උපදෙස් දුන්නේ දේශීය කර්මාන්තවලට අභියෝගයක් වන කිසිදු විදේශීය ආයෝජනයකට ඉඩ නොදිය යුතු බවයි.

ඉහළ බැංකු පොළි අනුපාතය දේශීය කර්මාන්ත කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, රාජ්‍ය බැංකු මගින් දේශීය කර්මාන්තකරුවන්ට සහන සළසා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට මේ වන විට සාකච්ඡා පවත්වා තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණ කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී රාජ්‍ය අංශයේ සේම පෞද්ගලික අංශයේ දායකත්වය ද ඉතා වැදගත් බවයි.

එමෙන්ම අද දින දේශීය කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කළ සියලු ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමට අදාළ සියලු රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් මෙන්ම දේශීය ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

මලික් සමරවික‍්‍රම, රිෂාඞ් බදුර්දීන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් ද, නීතිපති ජයන්ත ජයසූරිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්. රංජිත් අශෝක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දේශීය කර්මාන්ත යටපත්වන ලෙස විදේශ ආයෝජනවලට ඉඩ නැහැ' : ජනපති
'දේශීය කර්මාන්ත යටපත්වන ලෙස විදේශ ආයෝජනවලට ඉඩ නැහැ' : ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi05vB7g1ORMUa-YFnUbKYWAFVwDNgBhvZUIQB8JNrI8QqcXZDRwP0fTeJbp-Ldv7hhKrzkd4GmZLnmM6OgPzZPBd_XpyE6Yx-723Sq1S2gMN12m9taJcOkg3uzVps2wIZ3PawyVHdHY0A/s1600/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi05vB7g1ORMUa-YFnUbKYWAFVwDNgBhvZUIQB8JNrI8QqcXZDRwP0fTeJbp-Ldv7hhKrzkd4GmZLnmM6OgPzZPBd_XpyE6Yx-723Sq1S2gMN12m9taJcOkg3uzVps2wIZ3PawyVHdHY0A/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy