දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා
Homeප්‍රවෘත්ති

යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා

PropellerAds

යා පනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ජි.කේ.ජි.එන...

කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම් !
විමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට විරෝධය පා වාසු මාධ්‍ය හමුවක.. එලෙසම චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න කියයි
ලීසිං සමාගම් වටලෑමට සූදානම්…- දයාසිරි
යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ජි.කේ.ජි.එන්.ප්‍රියදර්ශන මහතාව විමර්ශන නිළධාරි ලෙස පත් කොට ඇත. යාපනය රෝහලේ විශේසඥ වෛද්‍යවරයෙකු විසින් උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් වකුගඩු විකිනීමට පොලඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන්ව කොලඹට පමණක් නොව ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රට වල පුද්ගලික රෝහල් වලට යැවීම පිලිබඳව චෝදනා ලබා තිබුනේය.
වාර්තා වන පරිදි තැරැව්කරුවන් විසින් උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කෙරේ. වෛද්‍යවරය ඔවුන්ව පරික්‍ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොලඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි.

එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිනීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්‍ෂ 5 පමණ ලැබෙන අතර වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙලෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරයි. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි.

මිනිස් අවයව ජාවාරම නීති විරෝධී වූවද උතුරේ දුප්පත් තරුණයන් බිල්ලට ගෙන වර්තමානයේ වකුගඩු ජාවාරම ක්‍රියාත්මක වන අතර මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චඳ්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වෛද්‍යවරයකු විසිනි.

යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්‍ෂණයක් ඇරඹීමට යන බව සැල වීමෙන් පසුව අදාල වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බලවතෙකු අමතා එම පරීක්‍ෂණය ගොඩින් බේරුමක් කර දෙන ලෙස ඉල්ලා තිබේ. මේ නිසා මෙම පරීක්‍ෂණය හමස් පෙට්ටියට යාදෝ කියා සැකයක් මතුවී තිබේ.

– N පෙරේරා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා
යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMTDc3nNdT_7-ODweIabI6vOXCynRGp07A8YAfD-T8p-yls1u1-6cVZWXwaEI4geFvVnzFg3v_ZSns6zZZv8nQfB7gQkoyoeZ4FOTDBoeWTjLuHiE5idYXXFT_c1sSdkcnogKpAttzs0Ls/s320/kendy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMTDc3nNdT_7-ODweIabI6vOXCynRGp07A8YAfD-T8p-yls1u1-6cVZWXwaEI4geFvVnzFg3v_ZSns6zZZv8nQfB7gQkoyoeZ4FOTDBoeWTjLuHiE5idYXXFT_c1sSdkcnogKpAttzs0Ls/s72-c/kendy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_587.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_587.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy