දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂවරුන්ගේ පව් සේදීමේ ව්‍යාපෘතියක්.
Homeගොසිප්

රාජපක්ෂවරුන්ගේ පව් සේදීමේ ව්‍යාපෘතියක්.

PropellerAds

පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය පෙන්වා දෙමින් මේ වන විට පසුගිය රාජපක්ෂ පාලනය සමයට අදාලව ඔවුන්ට එල්ලවී ඇති සියළු චෝදනාවන්ගෙන් නිදහස්වීමේ ව්‍ය...

සුරා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
වීර කුමාරට, ශ්‍රියානිට හෙට නියෝජ්‍ය ඇමතිකම්.
ඉන්දියාවෙන් ගුරුවරු 100ක්.

පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය පෙන්වා දෙමින් මේ වන විට පසුගිය රාජපක්ෂ පාලනය සමයට අදාලව ඔවුන්ට එල්ලවී ඇති සියළු චෝදනාවන්ගෙන් නිදහස්වීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරයි.

නඩු දින ආසන්නයේ මාධ්‍ය හමු සහ නිවේදන

සැළසුම්කර ඇති ව්‍යාපෘතියට අනුව දිනපතා මාධ්‍ය හමු පවත්වමින් සහ නිවේදන නිකුත් කරමින් රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති සියළු චෝදනා පදනම් විරහිත බවත් ඒ සියල්ල වත්මන් ආණ්ඩුව සිදුකරන දේශපාලන පළිගැනීමක් බවට අදහසක් සමාජගත කිරීම මෙහි අපේක්ෂාව වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා නැගී තිබෙන සහ ඊට අදාළව නෛතික ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින ආසන්න දිනයන් යොදාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙමින් තිබෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ප්‍රසිද්ධිය ගන්න මාධ්‍ය ක්‍රියාන්විතයක්

එසේම විද්‍යුත් මාධ්‍ය, පත්තර සහ සමාජ ජාල වෙබ් අඩවි යොදාගෙන අදාළ නිවේදන සහ මාධ්‍යහමු සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු සකස්කර ඇති බවත් ඉදිරියේදී එම කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා පුර්ණකාලීන මාධ්‍ය ඒකකයක් යොදවා ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් සඳහන් කරන ආකාරයට අදාළ නිවේදන සහ මාධ්‍ය හමු ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒවායේ ඇති කරුණු සනාථ වන ආකාරයට ප්‍රතිචාර දැක්වීම සඳහාද පිරිසක් යොදවා ඇති බවත් ඒ සඳහා ඔවුන්ට දෛනික වටුප්ගෙවීමක් පවා සිදුකරන බවට වාර්තාවී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

වාරණ නියෝග පිට පිට ගැනීමේ සුදානමක්

එසේම ඊට සමගාමීව අදාළ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ සඳහන් කරමින් ඊට එරෙහිව වාරණ නියෝග ගැනීමේ සැළසුම්සහගත කටයුත්තක්ද දියත් කර ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වාදෙයි.

ඒ පිටුපස ඇත්තේ නෛතික කටයුතු අඩාල කිරීමේ අපේක්ෂාව බවත් ජනතා අනුකම්පාව ලබාගනිමින් චෝදනා සම්බන්ධ විමර්ශන පවත්වන නිලධාරීන් අධෛර්යමත් කිරීමේ සැලැස්මකට අනුව මෙම කටයුතු සිදුවන බවත් ඒ පිළිබඳ ජනතාව අවධියෙන් සිටිය යුතු බවද මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණය කර සිටියි.

ගෝඨාභයගේ නිවේදනය

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා උත්සාහයක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කර ඇත්තේ එම සැලැස්ම අනුවය.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්, රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම හා ඩී.ඒ. රාජපක්ෂ පදනම වැනි විෂයන් රැසක් යටතේ විවිධ විමර්ශන පවත්වමින් තම චරිතය ඝාතනය කිරිමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව එම නිවේදනය හරහා ගෝඨාභය මහතා සඳහන් කර ඇත.

එසේම හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වන ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ බව පවසා එමගින් හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබේ.

තවද දේශපාලන අරමුණු මුල් කර ගනිමින් පොලිසිය පවා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරමින් රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙලට සහය ලබාදෙන බවත් යා මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳව රට තුළ පමණක් නොව ඒ හරහා ජාත්‍යන්තරව ද රටට මහත් අපකීර්තියක් සිදුවන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

විමර්ශන අඩාල කරන්න හදන්නේ - මානව හිමිකම් ක්‍රියාකාරීන්

කෙසේ වුවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් සඳහන් කර සිටින්නේ රටේ නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳ බරපතල ලෙස රට අපකීර්තියට පත්වුයේ මේ වන විට නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටියදී ලසන්ත ඝාතනය සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්න කල විට ඊට ලබාදුන් පිළිතුරේ ස්වභාවය නිසා බවත්ය.

කවුද ලසන්ත ? ලසන්ත ගැන ගෝඨාභය කියූ කතා අමතකද ? මානව හිමිකම් ක්‍රියාකාරීන්

ඒ බව සිහිපත් කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙසේ සිය අදහස දැක්වීය.

"අපි කැමතියි මුලින්ම සිහිපත් කරන්න එදා බීබීසී මාධ්‍ය ජාලය සමඟ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිදුකළ සාකච්ඡාව. youtube ඇති. අමතක ඕන කෙනෙකුට එය නරඹන්න පුළුවන්. ටිකක් බලන්න ඒ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ හැසිරෙන ආකාරය.

බීබීසී මාධ්‍යවේදියා අහනවා ලසන්ත ඝාතනය ගැන. එතකොට ගෝඨාභයගේ මුහුණ බලන්න. ඔහුට ඒ ප්‍රශ්නය අල්ලන්නේ නෑ. ඔහු අහනවා කවුද ලසන්ත වික්‍රමතුංග ? ඔහු තවත් එක් පුද්ගලයෙක් විතරයි. මිනී මැරුම් ඕන තරම් වෙනවා, හැම තැනම වෙනවා, කියනවා.

පස්සේ ගෝඨාභය හිනා වෙනවා. හොඳට හිනා වෙමින් අහනවා, "ලෝකය පුරාම මිනී මැරුම් වෙනවා ඇයි ලසන්ත ගැන අහන්නේ කියලා. කවුද ලසන්ත ? ටැබ්ලොයිට් ලියන කෙනෙක්. මට ඒ ගැන අවධානයක් නැහැ කියනවා.

නමුත් බීබීසී මාධ්‍යවේදියා අහනවා, ජනතාව කලබල වෙලා කියලා. ඊට මොකක්ද ගෝඨාභය දක්වන ප්‍රතිචාරය, ඔහු අහනවා ඇයි ඔබ මේ එක්කෙනෙක් ගැන විතරක් කණගාටු වෙන්නේ ? එල්ටීටීඊය ගොඩක් මිනී මරලා තියනවා කියලා."

අන්න එහෙම ප්‍රශ්නය ඇහුවට කේන්ති ගිය, අධිආරක්ෂිත කලාපයක් තුළ මහ දවාලේ සිදුවූ ඝාතනයක් ගැන තමන්ගේ තැකීමක් නෑ කියන කෙනා අද කියනවා මාර වැඩේ, මේ ගැන පරීක්ෂණ කරන්න එපා, මට චෝදනා කරන්න එපා, රටට අපකීර්තියක් අත්වෙයි කියලා, මේ මොකටද එන්නේ, මේ අන් කිසිවක් නෙවෙයි, පළාත් පාලන ජන්ද ප්‍රතිඵලයෙන් ගොඩ එන්න හදන්නේ, අද අපිට කනගාටුවක් තියනවා මේ ආණ්ඩුව ගැනත්, සියළු විමර්ශන දැනුවත්ව පමාකලා. බොරදියේ මාළු බාන්න ගියා. අද ඒ ගැන අගමැතිට වගේම සාගල රත්නායක චෝදනා ලබා තියනවා. මානව හිමිකම් ගැන බරපතලව හිතන රටක නම් මේ ඇති අගමැතිටයි, සාගල ඇමතිටයි ගෙදර යන්න. නමුත් අපේ ඒ ගැන බරපතල සිතීමක් නෑ. මිනිස්සු මානව හිමිකම් ගැන තැකීමක් නෑ. ඒත් අමතක කරන්න එපා. සාගලට නැතිවුණේ නීතිය හා සාමය අමාත්‍යංශය විතරයි. නමුත් මේ සමස්ථ සමාජයට අහිමි කරන්න යන්නේ සමාජ යුක්තිය ඉටුවීම. ජනතාව ඒ ගැන අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරන්න ඕන. ලසන්තගේ ඉරණම හෙට ඕන කෙනෙකුට අත්වෙන්න පුළුවන්. ඒ කරන කෙනා කවුරු වුනත් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොබලා නීතිය හමුවේ යුක්තිය ඉටුකරගනීමයි අවශ්‍ය."

(newstube.lk )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂවරුන්ගේ පව් සේදීමේ ව්‍යාපෘතියක්.
රාජපක්ෂවරුන්ගේ පව් සේදීමේ ව්‍යාපෘතියක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjkmz6Lh2sZO6AZ-Jw0F1kLVL688gH_GJZ_L_dcvfYXCe401-xp7LtaYubnKdfTL-gDvkcxxGBisCw3lpcH19jvV5B4VPwTIL4gWfUbKYtGL3Znj5D94AGD3s9qnMzlY397RYGbVkEVic/s1600/gota-colombo-telegraph.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjkmz6Lh2sZO6AZ-Jw0F1kLVL688gH_GJZ_L_dcvfYXCe401-xp7LtaYubnKdfTL-gDvkcxxGBisCw3lpcH19jvV5B4VPwTIL4gWfUbKYtGL3Znj5D94AGD3s9qnMzlY397RYGbVkEVic/s72-c/gota-colombo-telegraph.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy